Misery -02

331 97 16
                                    


ඊයෙ රෑ  නිදා ගන්න පරක්කු උනත් මම උදෙන්ම shop එකට ගියේ විනාඩි ගානක් පරක්කු උනත් boss ට හොදටම කේන්ති යන නිසා.

"Good morning හෙසොක් "

"Good morning සූ"

මම රැක් වලට රාමෙන් පැකට්ස් අසුරන ගමන් උත්තර දුන්නා. සූ ඉන්නෙ මන් ඉන්න building එකට එහා building එකේ.

"අහ් හෙසොක් ඔයා ඊයෙ overtime කලාද?"

"නෑ ඇයි? "

"අහ් මන් දැක්කනෙ ඊයෙ ඔයා ගොඩක් රෑ වෙලා ගෙදර යනව.  overtime කලත් එච්චර රෑ වෙන්නෙත් නැහැනෙ. "

"ආ මන් ම්ම් පොඩ්ඩක් ඇවිදින්න ගියා ඊයේ"

"ම්ම් එහෙමද පොඩ්ඩක් පරිස්සම් වෙන්න එළියට යද්දි ඊයෙත් මනුස්සයෙක්ව මරල දාලා park එකේ"

"අහ් එහෙමද. මට news බලන්න බැරි උනානෙ. "

සූ මට උත්තර දෙන්න හැදුවත් ඒ වෙලාවෙ customer කෙනෙක් counter එකට ආව.

"අහ් ප්ලීස් මට ස්පයිසි රාමෙන් පැකට් දෙකකුත් දෙනවද"

"Sure මිස්"

" හෙසොක් මට ඔතනින් පැකට් දෙකක් ගෙනත් දෙන්නකො"

"හරි "

මම පැකට් සූ ට දෙන ගමන් එතන හිටිය girl දිහා බැලුනා. ඒ ඇස් ගැස්සුනා.. මෙච්චර වෙලා එයා මන් දිහා බලාගෙන ඉදලා තියෙන්නෙ...

මන් එයා දිහා බලනවත් එක්කම එයා හිනා වෙන්න හැදුවෙ අමාරුවෙන් වගේ..

Gosh එයා ලස්සනයියියි...

"අහ් ම්ම් ඔයා මේ ලගද ඉන්නෙ?"

"ඔ..ඔව් මේ ලග"

"ඉතින් ම්ම් මම Diana  ඔයා?"

එයා ..එයා ඇත්තටම මගෙ නම ඇහුවද???

"අහ්හ් ම්ම්"

එයා මෙහෙම අහද්දි මට හරියට උත්තර දීගන්නත් බෑ වගේ ගොත ගැහෙන්න ගත්තා. ඒ වෙලාවෙ සූ ගෙ මූණ දැක්කම මට හිතුනෙ එයා අපේ මේ conversation එකට වැඩි කැමැත්තක් නෑ කියලා.

"මම හෙසොක්"

"Then see you around handsome ☺️"

එයා එහෙම කියලා ලස්සනට හිනා වෙන ගමන් ඉස්සරහට වැටිල තිබ්බ කොන්ඩෙ කණින් පිටිපස්සට කලා.

The Beautiful Misery ∞  || ✔️Where stories live. Discover now