Misery - 03

294 90 11
                                    

පාන්දර 2 යි..
මන් ආස කලේ රෑ වැඩ කරන්න..
මොකද කට්ටිය ගොඩක් අඩුයි ඒ වෙලාවට..
මන් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්.

මට වැඩ කරන තැනින් දීපු නම සුගා.
මන් දන්නවා ඒක නෙමෙයි මගෙ නම කියලා.
ඒත් මගෙ ඇත්ත නම මොකක්ද කියලවත් නොදන්න තරමට මම හිස් වෙලා..

කාර් එක පාලම උඩ අයිනට වෙන්න නවත්තලා මන් ගිහින් පාලමේ වැට උඩින් ඉදගත්තා.

හෑන්ඩ්ෆ්‍රී  එකත් ගහගෙන ආසම කරන track  එක play කරන ගමන් ඇස් දෙකත් පියා ගත්තේ හිතට සැහැල්ලුවක් දැනෙද්දි ..

" පර්ෆෙක්ට් "

ඇස් දෙකත් පියාගෙන ගඟ පැත්තට ඇල වෙද්දිම මාව පිටිපස්සට ඇදිලා ගිහින් පාරට වැටුනා.

" පිස්සෙක් ද ඕයී මැරෙන්න යන්නේ. "

මාව පිටිපස්සට ඇදපු මනුස්සයා එහෙම අහද්දි  මන් මගෙ ඔලුවත් අත ගා ගන්න ගමන්  හිනා උනා..

මන් දැක්කා එයා ගැස්සෙනවා..හිනා උන විදිහට බය වෙලාද කොහෙද .

පෝන් එක පැත්තකට විසික් වෙලා තිබුනත් ඒකෙන් තාම අර music  එක play  වෙනවා.

ඒකත් ඇහිඳගෙන අර මනුස්සයගෙ පිටටත් තට්ටුවක් දාලා මන් එතනින් ආවේ ගෙදර යන්න.











ගෙදර ආපු ගමන් පුරුදු විදිහටම මම shower එක ඇරලා ඒක යටින් ඉද ගත්තා..

මන් music player එක ආයෙත් ප්ලේ කලා. ඊට පස්සෙ ආයෙත් වතාවක්. ආයෙමත්. ආයෙමත්... එකම සින්දුව විසිඑක්වෙනි සැරේටත් ඇහුවා. ආයෙමත් සුපුරුදු හිස් බව මාව වෙළාගෙන.

මට පවුලක් තියනවද ඔම්ම කෙනෙක් අප්ප කෙනෙක් ඉන්නවද අඩුගානෙ මන් කවුද කියවත් මම දන්නෙ නෑ.

මන් මේ අහන සින්දුව විතරයි මට අතීතයෙන් ගේන්න පුලුවන් උනේ. මේක අහද්දි මට තේරෙන්නෙ නැති වෙනස්ම හැගීමක් දැනෙනවා. මට හිතෙන්නෙ මම කලින් මේ සින්දුව අහල තියනවා. ඒත් එතකොට මම හිටියෙ තනියෙන් නෙවෙයි. කවුරු හරි .. කවුරුම හරි මන් ලගින් හිටියා.

අවුරුදු ගානකට කලින් මට accident එකක් වෙලා වැටිල ඉන්නකොට එතනින් ගිය වාහනයක් මාව ඒ වෙලාවෙම hospital අරන් ගිහින්. ඒත් වාහනෙන් ආව කිසිම කෙනෙක් මට මොකද උනේ කියල දන්නෙ නෑ. මගෙ heart එක පසාරු වෙලා ගිහින් තිබ්බෙ ඇයි කියන්න කාටවත් බැරි උනා. මට treat කරපු Doctors ලා කිව්වෙ අනතුරෙන් උන shock එක නිසා මතකය තාවකාලිකව නැතිවෙලා කියලා.

The Beautiful Misery ∞  || ✔️Where stories live. Discover now