Misery - 04

317 85 57
                                    

හෙසොක් තමන් ඉන්න annex එකේ දොර ඇරල officer ට ඇතුලට එන්න ඉඩ දුන්නා.

"මේ earring එක එදා ඒ ආපු ගෑනුලමය දාගෙන ඉන්නව මිස්ටර් හෙසොක් දැක්කද?"

Officer එහෙම අහන ගමන් එතන තිබුන සෝෆා එකට බර උනා.

"ම්ම් මට එහෙම නම් මතක නෑ officer. Shop එකට එන හැමොගෙම earrings මතක තියාගන්න බැහැනෙ මට ..නේද.."

හෙසොක් උත්තර දුන්නෙ සෝෆා එකට පිටිපස්සෙන් තිබුනු කුස්සියට ගිහින්.

වතුර වීදුරුවක් පුරවන ගමන් හෙසොක් ශර්ට් එකේ අත උඩට කරන්න පටන් ගත්තා ..

සෝෆා එකේ හෙසොක්ට පිටුපස හරවා වාඩිවෙලා සිටි officer හෙසොක් වතුර බීලා එනකම් බලාගෙන හිටියෙ එයාගෙ ප්‍රශ්න වකට උත්තරයක් අද හොයාගෙනම යනවා කියන අරමුණෙන් .
.













පැයකින් වගේ ඔක්කොම කොටස් ටික කපල වෙන් කරන්න හෙසොක්ට පුලුවන් උනා. එයාට වැඩිපුර වෙලාව ගියෙ පොලිතීන් cover ටික එළන එකට. මොකද හෙසොක් ගොඩක් පිළිවෙලට පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් පොඩි හරි පැල්ලමක් ගෙදර තියනව දකින්න එයාට ඕනි උනේ නෑ.

ඊට පස්සෙ පොඩි පොඩියට කපාගත්ත කොටස් එකින් එක meat grinder එකට එබුව. හෙසොක් එයා වැඩකරපු supermarket එකෙනුයි මේ large size meat grinder එක ගෙනත් තිබ්බෙ. ඒක ටිකක් පරන උනත් ලොකුප්‍රමාණයක් එකසැරේ ඇතුල් කරන්න පුලුවන් උන නිසා ඒක මේ වෙලාවෙදි ගොඩක් ප්‍රයෝජනවත් උනා.

අවසානෙදි ඔක්කොම grind කරගෙන පැක් කරගන්න පුලුවන් උනා.

හෙසොක් police officerගෙන් ගලවලා ගත්ත ඇදුම් තමන් ඇදන් ඉන්න ඇදුම් වලට උඩින් ඇදගත්තා. Building එකේ entrance එක ලග විතරක් cctv camera තිබුන නිසා ඒක තමන්ට අවාසියක් වෙයි කියලා හිතුන නිසා ඔෆිසර් ගෙ පිටත් වීම පෙන්නන්න හේසොක් ට උවමනා උනා.

බෑග් ටික හෙසොක් අරගෙන ගියෙ building area එකේ එහා කොනකට වෙන්න තිබුනු පරන කුණු එකතු කරන තැනකට.

එතන හිටිය බලුරංචුව හෙසොක්ගෙ ඉව අදුරගෙන එයා ලගට දුවගෙන ආවම පොලිතින් බෑග් එක බිමට හලල දැම්මා.

හෙසොක් තමන් පාවිච්චි කරපු ඔක්කොම පොලිතින් ආවරන ටිකයි උඩින් ඇදගෙන හිටිය officer ගෙ ඇදුම් ටිකයි එතනම තිබුනු ගිනිගොඩට එක් කරලා ආයෙත් ගෙදර ආවේ දිගු නින්දක් බලාපොරොත්තුවෙන්.
.
.

The Beautiful Misery ∞  || ✔️Where stories live. Discover now