Seoul Yongsan Police stationමේ මාසෙ ඇතුළත සිද්ද උන තුන් වෙනි murder එක මේ..
මේ ටික හොඳට බලන්න.. murders තුනේම සමානකමක් තියෙනවා.. ඒ හැම එකක්ම සිද්ද වෙලා තියෙන්නෙ එකම විදිහකට..අනික කිසිම evidence එකක් ඉතුරු කරලා ගිහින් නෑ.
හැම එකකම බෙල්ල ගාව අඟල් 6 ක කැපුම් පාරක් තියෙන්නේ..
ඒ වගේම ඒක ගොඩක් තියුණු ආයුධයක් වෙන්න ඕනි.. මොකද කැපුම් පාර පළලින් අඩුයි..
වැදගත්ම දේ වෙන්නේ මේ මාසේ පළවෙනි සතියෙ ඉදන් පළවෙනි murder පටන් අරන් තියෙනවා වගේම ඉතුරු දෙක සිද්ද වෙලා තියෙන්නෙ අනිත් සති දෙකේ..
1 st - 3rd of march
2 nd - 10th of march
3 rd - 17 th of marchමෙහෙම පිළිවලක් තියෙද්දි අපරාධකාරයා තව එකක් සිද්ද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අපිට guess කරන්න පුලුවන් එකම දේ ඒක සිද්ද වෙන්නෙ 24 th of march ??
.
.
.
පුලුවන් ඉක්මනින් seoul වල හැම police station එකක්ම දැනුවත් කරන්න පුලුවන් තරම් අවධානයක් 23, 24 දවස් දෙකට දෙන්න කියන්න..එතකොට අපිට පුලුවන් මේක ඉක්මනටම clear කරගන්න..
" සර්...ස ..ර්ර්."
" මැනර්ස් කියලා දෙයක් දන්නෙ නැද්ද මනුස්සයෝ..officer කෙනෙක් වෙලත් investigation room එහෙට මෙහෙම එකපාරටම කඩාගෙන එනවද.."
Seoul වල එක දිගට වෙච්ච මිනීමැරුම් සම්බන්ධව තිබුන සාක්ෂි ගැන කතා කර කර ඉදිද්දි ඒක එතනම නතර කරන්න උනේ officer කෙනෙක් කලබලෙන් ම එතෙන්ට ආපු නිසා ...
" සර් Tv ඔන් කරන්න ඉක්මනට.."
......ග්වැන්ග්ජින් ළමා උද්‍යානය අසළ තිබී මළ සිරුර හමු වී තිබෙන අතර ඝාතනය සිදු වී ඇත්තේ පස්වරු 11.00 ට පමණය..
( TVN news)........මෙය මෙම මස තුළ සිදු වූ සිව්වන ඝාතනය සැලකිය හැක.
( KBS news)....ඝාතකයා කවුද යන්න තවමත් පරීක්ෂණ සිදු කරන අතර මෙය දාම මිනීමැරුමක් බව පොලීසිය සැක කරනු ලබයි..
( YTN news)" Fuck..... #&$*#:#..
ඕක off කරලා දානවා.."Investigation room එක දෙදරන්න තරම් කෑ ගහපු සද්දෙට එතන ඉදපු officers ලා ගැස්සුනා.
සේරම විසඳගන්න එකම එක chance එකක් විතරක් ඉතුරු වෙලා තියෙද්දි සේරම අවුල් උනා.
•
•" ආ...ශ් පුදුම මහන්සියක් "
අද ගෙදර එද්දි ගොඩක් රෑ උනා.
" mickey ..ඔයත් බඩගින්නෙද තාම..එන්න කාලා ඉමු.."
දොර ඇරගෙන ඇතුළට යද්දිම කකුල වටේ එල්ලුන පූසටත් කන්න දාලා මමත් කෑවේ ඉක්මනට නිදා ගන්න ඕනි උන නිසා.
Wash එකක් දාගෙන සෝෆා එකට ආවම මන් දැක්කේ බිත්තියේ එල්ලලා තිබුන ඔරලෝසුවේ වෙලාව නැවතිලා කියලා ..
ම්ම් තාම එච්චරටම රෑ වෙලා නෑ..
2.40 a.m.
දැන් හරි.."
පෝන් එකෙන් වෙලාව බලලා ඔරලෝසුවෙ වෙලාව හදලා ඒක බිත්තියෙත්
එල්ලලාම මන් නිදාගන්න ආවා.ඒත් මට හදිස්සියෙම මතක් උනේ මන් අද ඇඳන් ඉදපු ඇඳුම..
" ඕහ්හ් ගෝඩ්.... අමතක උනානෙ..ඒක හෝදන්න ඕනි"
ඇදුම් ටික වොෂින් මැශින් දාලා machine window එකෙන් ඇදුම් වල තැවරිලා තිබුනු පැල්ලම් සේදිලා යන විදිය මම බලන් හිටියා.