*Speaker P.O.V*
අහසෙ ලස්සනට හඳ පායලා. බලන බලන හැමතැනම ලස්සනට ලයිට් දාල. ඒත් ඒවයෙ ලස්සන බලලා විඳින්න තරම් නිදහස් හිතක් මට නෑ.....
ඇගේ සීතල හුලගක් වැදීගෙන යනව..... මුළු සෝල් නුවරම මං දිහා බලාගෙන ඇති!......
.
.
.
.
.
.
.
.------------------
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
දෛවය!.....
ඒකට පුළුවන්ද මිනිහෙක්ට දරාගන්න බැරි තරම් දුක් දෙන්න....ඒකට පුළුවන්ද මිනිහෙක්ට මේ තරම් නපුරුකම් කරන්න. සමහරු කියනවා දෛවය අපිට ඕන විදියට වෙනස් කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක කරන්න පුළුවන්ද!?ආදරය!.....
ඒ දැන් මම මේ ලෝකෙ වැඩියෙන්ම වෛර කරන වචනෙ. කාලක් තිබ්බ මමත් ඒ වචනෙ ලොකු විශ්වාසෙකින් අදහපු. ඒත් තවත් නෑ. දැන් මට ඒක ඇහුණත් ඇගේ ලේ නහර රත් වෙන තරම් තරහක් එන වචනයක්.වාසනාව!.....
ඒක මට විහිළුවක් වගේ. හැම අදුරු වලාවකම රිදී රේඛාවක් තියනව කියල කියනව නේද! හැබැයි මට පායල තියන අදුරු වලාකුලේ රිදී රේඛාවක් නම් තාම මට පේන මානෙකටවත් ඇවිත් නෑ. මට හැමතිස්සෙම තියෙන්නෙ අවාසනාව අවාසනාව අවාසනාවම විතරයි.විශ්වාසය!....
රකින්න අමාරුම දේ....තව කෙනෙක් වෙනුවෙන් කරන්න අමාරුම දේ....
ඔයාට දැනිල තියනවද තමන්ටත් වඩා විශ්වාස කරපු කෙනෙක් ඒක බිඳල දැම්මම දැනෙන වේදනාව....මම ඒක අත්විදපු කෙනෙක්! වචන වලින් කියන්න අමාරු හැඟීමක් ඒක. හරියට මුළු ලෝකෙම ඔයාට බොරු කලා වගේ හැඟීමක්.🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
(කියවන්න කම්මැලී වගේද? එහෙනම් කියවන එක නවත්තන්න.😞😞😞
කැමතිනම් තව ටිකක් ඉස්සරහට කියවගෙන යං...😁😁😁).
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ඔව් මම ඉන්නෙ Namsan tower එක උඩ. මගෙයි එයාගෙයි Heart lock එක හොයන ව්‍යර්ථක උත්සහයෙ මම තාමත් නිරතවෙනවා. දැන් පැය හතරක් තිස්සේ!.....
YOU ARE READING
ᴜɴᴇxᴘᴇᴄᴛᴇᴅ ᴇɴᴄᴏᴜɴᴛᴇʀ | ✔✔
Short StoryONE-SHOT! Dom:Tae Sub:Kook Started to write : 2021. 07. 02 Finished : 2021. 07. 13