.
.
.
.
.
.🐯 - " ඔයාට දැනගන්න ඕනෙ නේද මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්ත විදිය... "
🐰 - " හ්ම්ම්ම්...."
🐯 - " හරි එහෙනම් අහගෙන ඉන්නකෝ....."
එතකොට මම අලුත් campus එකට ඇවිත් සතියක් විතර ඇති... මං හිටියෙ තනියම... කොහොමත් මම වැඩිය කට්ටිය ආශ්‍රය කරන්න කැමති කෙනෙක් නෙවේ. ඒ නිසා මම යාලුවෙක් හොයාගන්න ඒ තරම් උනන්දු වුනෙත් නෑ.
මම Cafeteria එකට ඇවිත් coffee එකක් order කලා. ඒක මට දෙනකන් මම එතන බලන් ඉන්නකොට ඔයා ආවා ඔයාගෙ යාලුව Yeonju එක්ක cafeteria එකට. Yeonju ගෙ අතේ තව කෙල්ලෙක් එල්ලිලා හිටියා. එයා ඒ කෙල්ලත් එක්ක ගිහින් එක table එකකින් ඉදගත්තා. ඔයා තමා කෑම order කරන්න ආවෙ. ඔයා ඇවිත් මං ගාවින්ම හිටගෙන කෑම order කලා. මට තාම මතකයි ඔයා මොනවද ඉල්ලුවෙ කියලා. Sandwiches, buns, coffee..... වගේම banana milkshake එකක්. මම ඒත් බැලුව කවුද ඒ කිරි බොන පොඩි එකා කියලා.
ඔයාගෙ order එක දෙන්න කලින් මට coffee එක හම්බුනා. මම ඒකත් අරන් ගිහින් ඉදගත්තෙ ඔයාලගෙ table එක පේන හරියෙන්. මොකද මට ලොකු ආසාවක් තිබ්බා ඔයා දිහා බලාගෙන ඉන්න. ඔයත් කෑම ටික හම්බුනාම ඒ ටිකත් අරගෙන ගිහින් අර table එකෙන් වාඩි වුණා. අර දෙන්න lovebirds ල වගේ ඉන්නැද්දි ඔයා තනියම milkshake එක බොන්න ගත්තා. මම ඔයාලා එතනින් යනකම්ම බලන් හිටියා. පස්සෙ තමා මමත් එතනින් ගියේ."🐰 - " Ohh... hyung මට කැමති එදා ඉදන්ද!?"
🐯 - " කැමති!?.....ඔව් එහෙම වෙන්න පුළුවන්. මොකද එදා දවසම මම ඔයා ගැන මතක් කරකර හිටියෙ. ඒත් ඔයා කවුද කියල මම දන්නෙ නෑ. ඒ නිසා මම ඔයාව අමතක කරල දැම්මා. මොකද ඒ සිද්ධියෙන් පස්සෙ මම ටික දවසක් යනකන් ඔයාව දැක්කෙ නෑ.
ඒත් දවසක් මම campus ඇරිල ගෙදර එද්දි ඔයාව ආයෙත් දැක්කා. එදා ඔයාගෙ යාලුව හිටියෙ තව කොල්ලෙක් එක්ක. එදත් ඔයා milkshake එකක් බිබී පැත්තට වෙලා හිටියා. අර දෙන්නා Love කරනවා. මට ඔයා ගැන එදා දුක හිතුනා ඇත්තටම."🐰 - " හැමදාම ඔහොම තමා hyung.... මට ඒක නුපුරුදුයි දෙයක් නෙවේ. හැමදාම එයා Love කරල ඉවර වෙනකන් මම කරන්නෙ පැත්තකට වෙලා මගේ පාඩුවෙ බලන් ඉන්න එක....."
YOU ARE READING
ᴜɴᴇxᴘᴇᴄᴛᴇᴅ ᴇɴᴄᴏᴜɴᴛᴇʀ | ✔✔
Short StoryONE-SHOT! Dom:Tae Sub:Kook Started to write : 2021. 07. 02 Finished : 2021. 07. 13