.
.
.
.
.
.ආයෙත් සුපුරුදු පරිදි කාලය ගත වුණා. වෙනසකට තිබ්බෙ දැන් මටත් girlfriend කෙනෙක් ඉන්න එක.
ලීසායි මමයි අපේ two months anniversary එක දවසෙදි Namsan tower එකට ආවා. ඔව් ඒ අදට දවස් 4කට කලින්.....ඇත්තටම එදා මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණ දවස. මොකද මගේ එක හීනයක් එදා හැබෑවුණා. මට ඕනෙ වුණා කවදහරි මම ආදරේ කරන කෙනාව Namsan tower එකට එක්කන් ඇවිත් අපේ ආදරේ නාමයෙන් අපි දෙන්නගෙ හදවත් එකට එකතු කරල අගුලක් දාන්න. මම ඒක එදා කලා. ඉතින් මම ඒ ගැන ගොඩක් සතුටින් හිටියෙ.
එදා එයත් එක්ක රෑ dinner එකත් එලියෙන්ම අරගෙන එයාවත් ගෙදර ඇරලවලා මමත් ගෙදර ආවෙ හරිම සතුටෙන්.
'දන්නවද!......ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. හරිම සතුටෙන් ගෙවෙන විනාඩියක් ඉවර වෙලා එන ඊළඟ විනාඩියෙදි අර සතුට සුනු විසුනු වෙලා යන තරම් දුකක් ජීවිතේට එන්න පුළුවන් !...මටත් වුණේ එහෙම දෙයක්. '
ලීසාව ගෙදර ඇරවලා මම මගේ ගෙදර එද්දි අහල පහල ගෙවල් වල අය අපේ ගෙයි ඉස්සරහ මිදුලෙ හිටියා. ඒක දැක්කම මගේ මූණෙ තිබ්බ හිනාව අතුරුදහන් වෙලා ගියේ ලොකු බයක්, තැතිගැන්මක්, දුකක් මගේ හිත වෙලා ගනිද්දි. මම කෙලින්ම ගේ ඇතුලට දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.....
"ඔම්මා.......මං ආවා."
මම ඔම්මගෙ කාමරේට එබිල කෑ ගැහුවා. ඒත් එයා හිටියෙ නෑ. ඒතකොටම එතනට ආවෙ එහා ගෙදර ඉන්න වයසක ගෑනු කෙනා..... Miss. Lee.
"පුතා.......ඔයාගෙ ඔම්මට අද මගේ ගෙදර උය උය ඉද්දි හදිස්සියෙම හුස්ම ගන්න අමාරු වුණා. මමත් ගෙදර ඉන්නෙ තනියම. උදවුවක් ඉල්ලගන්න එහා ගෙදර දුවන් එන ටිකට ඔයාගෙ ඔම්මා කුස්සියෙ සිහිනැතුව වැටිල හිටියා. Mr.Jack ගෙ උදව්වෙන් යන්තන් එයාව Hospital අරන් ගියා. ඔයාගෙ ඔම්මට ටිකක් අමාරුයි කියලයි ඩොක්ටර් කිව්වෙ. එයා ගොඩක් කල් ඉදන් Heart patient කෙනෙක් ලු. හරියට treatment වැටිල නෑ කියලා තමා කිව්වෙ.... ඔයා මේ ගැන මොනාහරි දන්නවද?"
YOU ARE READING
ᴜɴᴇxᴘᴇᴄᴛᴇᴅ ᴇɴᴄᴏᴜɴᴛᴇʀ | ✔✔
Short StoryONE-SHOT! Dom:Tae Sub:Kook Started to write : 2021. 07. 02 Finished : 2021. 07. 13