.
.
.
.
.🐰 - " hyung.....
මට..... මට එහෙම හිතෙන්නෙ.....
මට එහෙම හිතෙන්නෙ ඔයා ගැන hyung.!!! "මගේ හා පැටියා මගේ බෙල්ල අස්සෙ මූණ හංගගෙනම එහෙම මුමුණද්දි මට දෙනුණේ මට හාර්ට් එක ගැහෙන එක නැවතුනා වගේ. මම උඩට ගත්ත හුස්ම පොද පවා මට පහල හෙලන්න සිහියක් තිබ්බෙ නෑ.මට දැනුණෙ මගේ මුළු ඇගම ගල්වෙලා වගේ.
'මම ඉන්නෙ හීනෙකද!...' එක තප්පරේකට මට එහෙම හිතුන. මට සතුටුයි. ඒ සතුට මට දරා ගන්න බැරි තරම්.... මම මගේ හා පැටියව තවත් මගේ ඇගට තද කරගත්තෙ ඒ නිසා.
🐰 - " hyung..... අනේ hyung කතා කරන්නකො....."
ටික වෙලාවක් තිස්සෙ එකම විදියට හිටපු මගේ ඉරියව් වෙනස් වුණේ මගේ පැටියා ඇස් දෙකත් ලොකු කරන් මගේ කම්මුලට තට්ටු කරද්දි.
🐯 - " මැණික...."
🐰 - " මොකද වුණේ? "
🐯 - " ඔයා ඇත්තමද කිව්වෙ!?"
🐰 - " ඔව් මම ඇත්ත කිව්වෙ...."
🐯 - "ඔයාට කොහොමද මාව දැනෙන්නෙ මගේ පැටියෝ !?"
මට ඕනෙ වුණා එයාට මාව දැනෙන විදිය හරියටම දැනගන්න. ඒ නිසයි මම ඒ ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවෙ.
🐰 - " hyung....."
🐯 - " කියන්නකො hyung ට......ම්ම්ම්ම්. ?"
ඒ ගමන මෙයා බිම බලාගෙන, එක අතකින් මගේ T shirt එක පොඩි කරකර පහලට අදින්න පටන් ගත්තා. අනිත් අත තාමත් මගේ කර වටේ එතිලා. මම එයාගෙ හැසිරීම් දිහා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්.
🐰 - " මට....... මට ඒක හරියටම කියන්න තේරෙන්නෙ නෑ hyung...
Hyung මං ගාව ඉද්දි මට සැහැල්ලුවක් දැනෙනවා. හරීම නිදහස් වගේ. මගේ ප්‍රශ්න පවා මට අමතක වෙනවා. මම කැමති hyung හැමතිස්සෙම මගේ ලගින් ඉන්නවට....Hyung මගේ අතින් අල්ලන වෙලාවට මට... මට දැනෙන්නෙ නිකන් මට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැදෙනව වගේ.. මගේ මුළු ඇගම වෙවුලල යනවා.."🐯 - " අනේ මගේ මැණික....."
එයා හිටියෙ ගොඩක් ලැජ්ජාවෙන්. ඒක එයාගෙ මූණ බලන ඕන කෙනෙක්ට තේරෙනවා. මම එයාගෙ කම්මුලක් අල්ලලා මිරිකුවෙ මූණත් රතු කරගෙන මේ කියපු දේවල් මගේ හිතට ගොඩක් දැනුණ නිසා. ඒත් එයා ආයෙත් කරන්න පටන් ගත්තා.
YOU ARE READING
ᴜɴᴇxᴘᴇᴄᴛᴇᴅ ᴇɴᴄᴏᴜɴᴛᴇʀ | ✔✔
Short StoryONE-SHOT! Dom:Tae Sub:Kook Started to write : 2021. 07. 02 Finished : 2021. 07. 13