ඒ ඇස් දිහා බලන්න ඕනි මට. ඒත් මටතාම බයයි ඇස් ඇරියම ඒ දකින හීනෙන් මම් ඇහරෙයි කියල..
"බනී ඇස් අරින්නකො පැටියෝ.. මෙච්චර ආදරේ කරන්නෙපා මැණික . මට ඔයාව නැතිව ඉන්නම බැරිවෙනව දැන්". උස්සන් ගිහින් අදම කසාඳ බඳිනවා."
හෙමීට රහසින් මගේ කණට ඒ තොල් තියල බෝ මිමිණුවා. අනේ හාකො.. වෙන දෙයක් වෙන්නෙ පස්සෙනෙ ඉස්සෙල්ල බැඳල ඉමුකො..ඉතින් මම් ඔලුව උස්සලා ඒ සුදු මූණ දිහා බැලුවා.ඔවු දවස් 258 කට පස්සෙ ඇත්තටම ඒ සුදු මූණ මගේ ඇස් ඉස්සරහ. ඒක හීනයක් වෙන්නෙ කොහොමද?ඊයෙ ඉදන් මේ මොහොත වෙනකම් මම් දැකපු හැබෑවුනු හීනෙ.. එවෙලෙයි දැක්කෙ හුඩ් එක යටින් එයත් ඇදල තිබ්බෙ කපල් ටීශර්ට් එකේ ශර්ට් එකම කියල.මම් ඒ ඇස් දෙක දිහාම බලන් ඉදියෙ කියාගන්න බැරි වචන ගොඩක් ඇස්වලින් කියන ගමන්.
"හොඳ බබා..ඇරියස් එක කවර් කරල ඉවරද බනී."
මගේ ඉන වටේට ගියපු ඒ අත හිමීට ශර්ට් එකට යටින් පුංචි කිතියක් එක්ක මගේ බඩ හොයාගෙන යනවා මට දැනෙනවා.. එයා ඔහොම්මයි.. ලං උනොත් කොහෙන් හරි ටච් එකක් දාන් ඉන්නම ඕනි.
"ම්ම් මම් මගේ සුපුරුදු බනී හිනාව විතරක් දැම්මා.එයා ආසමත් ඒකටනෙ."මේ හිනාව නොදැක මට පිස්සු වැටිලා තිබ්බෙ" එයා අනිත් අතින් මගේ තොල් පෙති යාන්තමින් පිරිමැදල කීවා..මොනවද කොල්ලො කරන්නෙ මගේ ඇඟ පුරා කරන්ට් වදිනවා මේකා හැරුනත්.
ඒ විදියටම සෙල්ෆී කීපයක් ගත්තා එයා."ඒ ටීශර්ට් එකට ඔයා හරි හුරතල්,කෝ හරියට බලන්න විදියක් නෑනෙ..අපි ගිහින්ම ගලවල බලමු.ඔන්න බනී ඔයා අද විතරයි ඕක අඳින්නෙ."
මම් ඉතින් ඒක කෝමත් දැනගෙන ඉදියෙ. මේ බෝ පැටියා ඕක අරන් යනව කියලා. එයා හැමදාම මම එයා හම්බවෙන්න ඇඳන් එන ඇඳුම උස්සන් යනවනෙ.
"දන්නවද බනී මම් දවල්ට කාලත් නෑ. ඔයා මට කන්න දෙයක් හදල දෙනව නේද?" නැත්නම් ඉතින් එක්කෙනෙක් ඉතුරුවෙනේකක් නෑ.. දන්නවනෙ මට බඩගිනි වුනාම.."
එතකොට තමා මටත් මතක් වුනේ දවල් කනවා කියන මැසේජ් එක බෝ අද මට එවුවෙ නෑනෙ කියල. සුපුරුදු මැසේජ් එකක් නැතිවුනාම කෝල් කරල හොයන එක අපේ පුරුද්දක් වුනත් අද අපි හමුවෙන නිසා ඒ සාමාන්‍ය පුරුදු එච්චර ගණන් ගත්තෙ නෑ.. ඔලුවෙ තිබ්බෙ හම්බෙන එක විතරයි නෙ. වරදකාරි හැඟීමක් එකපාර ආව මට. ඒත් දවසෙම මේකා නොකා මොනවද කරේ. හදිසියෙම එනවා කියල විතරයි කීවෙත්. මොකටද එන්නෙ, මොනවද කලේ කිසිම දෙයක් මම් දැනගෙන ඉදියෙත් නෑනෙ. මට තිබ්බ හොයල බලන්න.
YOU ARE READING
Undying Love (Completed)
Romanceආදරය කරන හදවත් දෙකකට කොච්චර ඉවසන්න පුලුවන්ද? කොච්චර දරං ඉන්න පුලුවන් ද?