එක පාරටම ඔලුවෙ බර ගතියක් එක්ක දැනුන අපහසුතාවයක් එක්ක මගේ ඇස් ඇරුණා.. දෙයියනේ හීනයක කොටසක් නෙවේ නේද? ඇත්තටම බෝ මැණික ඉන්නවා නේද මං ගාව.. වෙලාව පාන්දර 3.30යි.. ඊයෙ නින්දට වැටුනෙ කීයටද මතකත් නෑ.. මට වෙරිද? තාම මාව කන්ට්‍රෝල් නැද්ද? එහෙමම වැටිල ආයෙ නිදියන්න හිතුනත් වොශ් රූම් එකට යෑමෙ දරුණු අවශ්‍යතාවයක් ආව නිසා මම් නැගිට්ටා..
අපොයි එතකොටයි ඊයෙ මං නටපු නාඩගම මතක් වුනේ..දෙයියනේ මම් ඊයෙ මගෙ කොල්ලට මොකක්ද ඒ කලේ.. මගෙ හිතට දැනුනෙ පසුතැවීමක්. අනේ රිදෙනවද දන්නෙත් නෑ.. හරිම සන්සුන් විදියට නිදන ඒ මූණ ඉඹින්න ආව ආසාව මම් යටපත් කර ගත්තෙ ඒ නින්දට බාධා කරන්න ලෝබ හිතුන නිසයි. කොල්ලෙක් මෙච්චර ලස්සනට නිදියන්නෙ කෝමද?
ඊයෙ තිබ්බ මහන්සියටයි වෙරි මතටයි එක්ක ඔහේ වැටිල නිදා ගත්ත නේද කියල මතක් වෙද්දි මට එවෙලෙම නාන්නත් හිතුනා. මම් බෝට ඇහරෙන්නෙ නැතිවෙන්න බාත් රූම් එකට හිමීට අඩිය තියල ගියා. අම්මෝ බරින් නිදහස් උනාම දැනුන සනීපෙ..යටි බඩෙන් සියුම් වේදනාවකුත් ලාවට එන්නෙ මාස ගානක් හිර කරන් ඉදිය ආදරේ ඊයෙ නිදහස් වෙලා ගිය නිසා වෙන්න ඇති.. මට එන්න හිතුනෙ නෑ එලියට වොශ් එකක් නොදා.. මම් උණුසුම් වතුරෙන් ඇඟ හෝදා ගත්ත හිතේ හැටියට. බෝ ඇහරිල හිටියනම් ඒකත් කරන්න බෑනෙ.
වොශ් දාන්න හිතන් ආවෙ නැති නිසා ටවල් එකවත් නෑ.බෝත් නිදි නිසා ලැජ්ජාවක් නැතිවම මම උපන් ඇඳුමෙන්ම එලියට ආව.දැන් තමා මගේ ඇඟට සනීපයක් දැනෙන්නෙ..දැන් ඉතින් නින්ද නොගියත් ඇඟට ෆිට් එක තීනවනෙ."අපොයි විනාසයි. මේ හොර කොල්ලා කොයිවෙලේද ඇහරුනේ. බාත් රූම් එකේ දොර අරිද්දි මම් දැක්කෙ ඇඳට හේත්තුවෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න මගේ කුමාරයා.
දොර ඇරෙන සද්දෙට ඔලුව උස්සල බලපු බෝගෙ මූණෙ මම් දැක්කම ඇඳුනෙ පුදුම ලස්සන හිනාවක්. ඒ හිනාව එක්කම එයාගෙ ඇස් මගේ යටි කය දිහාටයි යොමු වුනේ.. මම් එහෙමම අතින් වහගත්තා..🙊"මොකද මේ පාන්දර ඇහරිලා නාලා. නින්ද ගියේ නැද්ද බනී. අම්මෝ මෙයාගෙ දැන් තියෙන ලැජ්ජාව.. සුට්ටක් බීවම තමා බලාගන්න ඕනි ඒකෙ තරම" එහෙම කියන ගමන් එයා ඇදෙන් බැහල මම ගාවට ආව. මම් බිත්තියට හේත්තු වුනා.. මම නැගිටිනකොට ඇඳුම් නැතිව නිදියන් ඉදපු එයා දැන් කොට කලිසමක් ඇඳලා හිටියා.. ඇඳුමක් නැතිව ඉන්නෙ මමනෙ.. මට ලැජ්ජම ලැජ්ජයි.
පොඩි කොල්ලා චුට්ටක් කොර ගහනවා වගේ. දෙයියනේ මම් එච්චර දරුණු වුනාද?මට තව තවත් මම් ගැන තරහක් වගේම එයා ගැන ලොකු ආදරයක් දැනුනා..
YOU ARE READING
Undying Love (Completed)
Romanceආදරය කරන හදවත් දෙකකට කොච්චර ඉවසන්න පුලුවන්ද? කොච්චර දරං ඉන්න පුලුවන් ද?