ගුසු අධිරාජ්‍යයේ සිනහව 🍺

757 111 8
                                    

දෙයියනේ අද අපි බොන්නයි යන්නේ... අපි දෙන්න තනියම බීලම නෑනෙ. අනේ අම්මේ මගේ ජිවිතේ අමතකම නොවෙන රැයක් තව සුළු මොහොතකින්..
*****
හීනියට තොල් අතරිනුත් පපුවෙනුත් වේදනාවක් එනවා.. ඒ ඇයි කියල අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ඉතින්.දැන් ලව් බයිට් ඇඟ හැමතැනම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. මම් පුටුවට බර වුනේ බෝ තාම බෑග් එක අස් කරන නිසයි. මේකෙ නැත්තෙ අලියෙක් විතරද මන්දා අද.උ
🌹***********🌹
එකපාරටම ඇහුන එලාම් සද්දයක් එක්ක මම් ඇහරුණා..කණ ළඟම ෆෝන් එකේ එලාම් එකක් වදිනවා හවස 06යි කියල. ඉන්නෙ කොතනද මොනවද වුනේ කියල එකපාරටම පැහැදිලි නැතත් ක්ශණයෙන් දරුණු වේදනාවක් එක්ක එකමෙක සිතුවිල්ලක් ඔලුවට ආවා..

"දෙයියනේ ඒක හීනයක්ද?ඒ සේරම හීනයක්ද? මගේ බෝ බබා ආවෙ නැද්ද මාව බලන්න.."

පුටුවෙ ඇන්ද පැත්තට ඔලුව දාන් ඉදිය මම ඔලුව බදාගෙන හිමීට පුටුවෙන් වාඩි වුනා..

එතකොටයි මම් දැක්කෙ,
අනේ ඒ සේරම හීනයක් නෙවෙයි බව. දැන්නම් මට එකපාර දැනුන සතුට අද බෝව මුලින් දැක්ක වෙලාවටත් වඩා වැඩියි වගේ..
දෙයියනේ මගේ හුරතල් කොල්ලා.. පුටුවක් උඩ නිදියන් ඉන්න අපූරුව. මිරිකන්න හිතෙනවා ගිහින් මූණ රතුවෙලා යන්න.. මාව හොඳටම පුදුම උනේ කිසිම දෙයක් පිළිවෙලට නොකරන මගේ සිංහ පැටිය ලස්සනට ටේබල් එකක් ඇරෙන්ජ් කරල තියෙන හැටි දැක්කම... මං වගේ කම්මැලි අල බෝලයක්. ඇයි අෆ්ෆා බෝ ඉන්න තැන මට නින්ද ගියේ.. මෝඩයෙක්නෙ මම. එයා අනිවාර්යයෙන් හිත රිද්දන් ඇති. ඒත් මේ මම ගලවපු ජැකට් එක මගේ ඇඟට දාල තියෙන්නෙත් එයාම වෙන්න ඕන. ඒ කරල එයාටත් පුටුවෙ නින්දක් ගිහින්. එයා බයටම විනාඩි 15 න් එලාම් එක තියල මගේ ළගින් තියන්න ඇති.. අම්මෝ වෙලාවට නැත්නම් දවස් 258කට පස්සෙ අපි දෙන්න පුටු දෙකක් උඩ නිදිය ගත්තා කියල තමා කියන්න වෙන්නෙ. නින්ද ගියාම පෙරහැරක් ගියත් ඇහරෙන්න බැරි බෝ ඒ නිසාම එලාම් එක මගේ ෆෝන් එකට සෙට් කරල තියල.
බෝ හැමදේම කරන්නෙ ප්ලෑන් කරල. මේ පොඩි කොල්ල කරන හැමදේම මෙච්චර ලස්සන වෙන්නෙ අන්න ඒකයි.
බෝ නිදන් ඉන්න හුරතල් විදිය මම් ඈන්ගල් කීපෙකට ෆොටෝස් ගත්තා. ෆොටෝ 4 යි ගත්තෙ මෙන්න ලෝක පුදුමයක් එයාට ඇහරුනා. ඇහරිලා කන්ෆියුස් වෙලා බලන් ඉන්නවා මගෙ දිහා. මම් එහෙම්ම තව ෆොටෝ එකක් අර ගත්තා..වාව් ඒක නියමෙට වැදුනා.

Undying Love  (Completed) Onde histórias criam vida. Descubra agora