රජ මාළිගය - රාජකීය කුටිය.
ග්වෙන් දොර හැර බලන්නේ ඈගේ සහ ලියෝන්ගේ කාමරය තුළ කවුරුන් හෝ සිටීද බැලීමටයි.
ග්වෙන්: ලියෝන්...
කාමරය හිස් ය. ඈ දොර වසා කාමරයෙන් පිටව යයි.
ඇය ශාලාව දෙසට ගමන් කරන්නේ ලියෝන් ව සෙවීමටයි. ඈ නවතියි. මෙතෙක් කලක් වසා තිබූ ආතර්ගේ කුටියේ දොර බාගෙට ඇර තිබේ. ඇය සෙමින් සෙමින් ඒ දෙසට ළං වී දොරෙන් කාමරයේ ඇතුල බලයි. කාමරය ඇතුලේ මර්ලින් පොළොවට පහත් වී පොළොව මදිමින් සිටිනු ඇය දකියි.
ග්වෙන්: (සතුටින්) මර්ලින්...
ග්වෙන් දිව ගොස් මර්ලින් අසළින්ම මර්ලින්ගේ මට්ටමට නැවී ඔහු හා කතා කරයි.
ග්වෙන්: මම දැනන් හිටියේ නැහැ ඔයා ආයෙ ආවා කියලා. ගොඩක් සතුටුයි මර්ලින්...
මර්ලින්ට ඈ තරම් සතුටක් දැණුනේ නැත.
ග්වෙන්: මම ඔයාට පණිවිඩයක් එවන්න හිටියෙ.
මර්ලින්: ඒ ඇයි?
ග්වෙන්: අපිට කරදර වුණා මර්ලින් ගොඩක්. මිනිස්සු ඒ හැම දේකටම මායාවට දොස් කියනවා. අපේ සෙවිම් වලිනුත් කිසිම ප්රතිඵලයක් නැහැ. කිසිම සාක්ෂියක් නැහැ. අපිට මේ දේවල් ගැන දන්න හොද කෙනෙක් ඕනෙ. (මොහොතක් මර්ලින් දෙස බලමින් සිට) මට ඕනෙ ඔයාව රාජකීය මායාකාරයා කරන්න.
මර්ලින් එය අසා මොහොතක් නිශ්ශබ්ද වෙයි. මොහොතකින්. ඔහු දෙපයින් සිටගනී. ඔහුගේ මුහුණේ ඇත්තේ බියමුසු බැල්මකි.
මර්ලින්: මට සමාවෙන්න. මට බැහැ... මට බැහැ. ඔයාලා වෙන කෙනෙක්ව හොයාගන්න...
ග්වෙන්: මර්ලින් ඉන්න, ඔයා පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න.
මර්ලින්: හිතලා බලන්න දෙයක් නැහැ. ගොඩාක් ස්තූතී මට ඒ තනතුර දෙන්න හැදුවට. ඒත්... මට බැහැ.
මර්ලින් ඈ පසුකරගෙන කාමරයෙන් පිටතට යන්නේ ඈව කාමරයේ තනි කරමිනි.
කැලය
මෝඩ්රඩ් කැලය හරහා යන්නේ පැරැණි ගරාවැටුණු කැමලොට් මාළිගය දෙසටයි. එකි කිසිදු ශබ්දයක් වූයේ නැත. ඔහු පසුපස කිසි ශබ්දයක් ද නොමැත. මෙම නිශ්ශබ්දතාවය ඔහුට මහත් සැකයකි. ඔහුට දැනෙන්නේම කවුරුන් හෝ ඔහු පසුපස පැමිණෙන බවකි. ඔහු මොහොතකට නවතී.
YOU ARE READING
Merlin Season 06 Script (Sinhala Translation)
Fanfictionආතර්ගේ මරණයෙන් වසර 1500ක් ගතවී තිබුණත් මර්ලින් තවමත් ජීවත් වන්නේ ආතර්ගේ පුනරාගමනය බලාපොරොත්තුවෙනි. ආතර් නැවත පැමිණෙයිද?