1 කොටස

132 27 3
                                    

හුගක් දිග කතාවක අවසානය මෙය යැයි බොහෝ දෙනෙකු සිතුවද, අවසනක් නොව මෙය සැබවින්ම ඇරඹුමකි. අ.පො.ස. සාමාන්‍ය පෙළ එක් කඩයිමක් පසු කර හමාරය. තව කොතරම් නම් කඩුලු ජීවන ගමන පුරා මුණගැසේවිද ? කවරෙක්නම් දනීද ?

ඇන්තූරියම් මලක් බුලත් කොළ දෙක තුනක් එක්ක අතින් අරගෙන, යන්න බෑ කිය කිය වැළපෙමින්, ඇතුළු වූ පාසලට අද මදකට සමුදීමට සිදුව ඇත. ඇතැමුන්ට අවසන් දවස සුන්දරය. සමහරුන් ප්‍රශ්න පත්‍රයේ තතු විමසමින් යයි. තවත් පිරිසක් ඒ කිසිවක් නොසිතා හුදකලාවෙ යයි. ඇතැමුන්ගෙ සිනා හඩ රැව් පිළිරැව් දෙමින් දසත පැතිර යයි. එකිනෙකාගෙ අත්වල ඇති ජංගම දුරකතන වලට ඉස්පාසුවක් නොමැතිය.  මෙතරම් පිරිසක් අතරද තම අනාගත කඩයිම පිළිබද සිතා බිය වන්නන්ද නැතුවාම නොවේ.

භාර හාර, දේව පූජා, පන්සල සති කීපයකට බදු ගත්තෝද යළි තුන් වසරකට නිශ්චල වී ඇත. පිරිත් නූල්, සුර, මතුරාපු පැන් දෙවියෙකු නොව දේවාලයක සේ දිස්වන සාමාන්‍යපෙළ සිසුවෝද ඒ අතර වෙති. ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් යැයි සිතා කටයුතු කරන්නෝද ඒ අතර නැත්තාම නොවේ. ප්‍රශ්න පත්‍රය සිහියට ආ විට ඇස් දෙකට කදුළු ගලන්නෙ ඇතමෙක්ට සතුටටය. ඇතමෙක්ට දුකටය.

දින දහයක් පුරාවට පැවති මහා සංග්‍රාමය අවසන් කර විවේකයක්, නිවනක් ලැබීය. විටෙක තවත් දින කීපයක් විභාගය තිබුණානම් යැයි සිතෙන අවස්ථාද ඇත. හොද වෙලාවට මේවා සිතිවිලි පමණක්ය. තව කෙනෙකුට ඇසුණානම් ගුටි පූජාවක් අනිවාර්‍යය. සරදමට මෙන් කීවාට සිතද ඊට අකමැතිය. දිනයක් ගෙවා ගන්නෙ කෙසේද කියා සිතා ගැනීමද ඉතා අපහසුය. නින්දෙන්ම පසු වූවොත් නම් දවසින් වරුවක්ම ගෙවා ගත හැකිය.

නිමානොවන කඩඉම් [Completed ✔️]Where stories live. Discover now