ඔව්. දැන් ඉතින් නිවාඩුව ඇරඹීය. නමුත් එම නිවාඩුව විදීමටත් පෙර උසස් පෙළ පන්ති ආරම්භ වනු ඇත. හා හා පුරා කියා මිදුලට බැස ඕපා දූපයක් දෙඩීමට සිතුවෙන් ගෙය දොරකඩට පිවිසියද,
"ආ.. පුතා කෝමද විභාගෙ ? මන් අහගෙන ළමයි ලේසියි ලේසියි කියනවා."
"හී... ඔව් ඉතින් අවුලක්මත් නැ ආන්ටි."
මිදුලට බැස්සෙ රාහු වේලාවක යැයි සිතා ආපසු යළි නිවසට පැමිණ අගුළු ලා ගත්තෙ බයකට නොව ඇති වූ කේන්තොයේ තරම පිට කිරීමටය. ඔව් ඔව් ඇන්ටිට නම් මොකද මමනෙ විභාගෙ ලිව්වෙ... කවුද දන්නෑ ඕක ලේසියි කියපු ගොනා... අහුවෙද්දෙන්කො මට ඕකව... පයින් එකක් ගහන්නෙ ගිහිල්ලා අත්ලාන්තික් සාගරේටම වැටෙන්න... ඕඕ... මට එන කේන්තියක්....
සුපුරුදු පරිදි ගෙය තුළටම වී සිටිනවා යැයි සිතා සිරිත් පරිදි රූපවාහිනි තිරය දෙස මුව අයාගෙන පාදද පුටුව උඩට ගත්තේ නිදහස භුක්ති විදිනවා යැයි සිතාගෙනය.
2023 අ.පො.ස. උසස් පෙළ නව පන්ති ආරම්භය....
සර්ලාගෙ නම්, ගම් නළුවන්ගේ මෙන් ගත් ඡායාරූප පෙළක් දිවයිනෙ ප්‍රථමයා, පළාතෙ ප්‍රථමයා, දිස්ත්‍රික්කයේ ප්‍රථමයා යැයි කියමින් දමන ඡායාරූප රූපවාහිනී තිරය ආක්‍රමණය කර ඇත. හරි හැටි අවදානෙකින් බලා පොතක සටහන් කරගෙන බැලුවොත් ප්‍රථමයන් බිහි කළ මවුවරුන් එක්කෙනෙක් වුවද ගුරුවරු නම් බොහෝමයකි. බැලීමට කිසිවක් නැත්තෙන් රූපවාහිනී තිරය වසා දමා නින්ද සැප යැයි සිතා නිදා ගැනීමට සැරසුනද හදිසියේ ඇසුණු තැපැල් මාමාගෙ හඩ නිසා මට ලියුමක් එවුයේ කවුරුන්දැයි බැලීමට දිව ගියෙමි. අප්පා... අතින් ඇල්ලීමටවත් බැරි තරම් කඩදාසි ගොඩකි. සිනහවකින් පියුම් මාමාට සංග්‍රහ කර නිවසට පැමිණ ඒ මොනවාදැයි කවර ඉරා බැලුවෙමි.
මුලින්ම නිරූපණ ශිල්පීන් සේ දිස් වුවද නැත ඒ උසස් පෙළ ගුරු කැළකි. ඇත්තටම මේවාට මේ තරම් මොකට වියදම් කරනවාද ? සිතුවිල්ල මගේ සිත ඇතුළෙ පමණය. මොකද පන්ති ගියාම සර්ගෙ අසා දැන ගැනීමට කියලා ඈ ?
කෙසේ නමුත් සාමාන්‍යපෙළ ඉවර වූයේ අපට විවේකයක් ලබා දීමට නම් නොවන බව වැටහෙන්නේය.
YOU ARE READING
නිමානොවන කඩඉම් [Completed ✔️]
Non-Fictionඑක් කඩඉමක් නිමා වුව මුත්, අහෝ.. දිවියම කඩඉමකි..... මියෙන තුරු නිමා නොවනා..... ඔබටත් මටත් කෙදිනක හෝ මුණ ගැසෙන, සදාදරණීය අත්දැකීම..... විදගන්න මෙලෙසින්..... Cover ownes by @Jeonchim_Blac...