3 කොටස

53 18 4
                                    

ගම්පහද ? නුගේගොඩද ? කිරිබත්ගොඩද ? කුරුණාගලද යැයි තවමත් තර්කයක් නැත. කොහේ ගියත් තවමත් සියල්ල online ය. රූපවාහිනී තිරයේ පෙන්වන තරම් ගුරුවරු ලංකාවෙ සිටීදැයි කියාත් ඇතැම්විට සිතේ. විද්‍යා ගණිත වැනි ලොකු ලොකු විෂයන් අභිමුව සිත නතර වූවාට අතරමග නතර වී ගැහැට විදින්නට වේ දැයි විටෙක සිතේ. සියල්ලට වඩා සිංහල සාහිතයට සහ සංගීතයට සිත රුචිය. නමුත් නිසි හැටි රචනාවක් ලීවිමට නොහැකි මට සාහිත්‍ය ඉගෙනීමෙන් පලක් නැත. ගායනය වාදනය වුවද ඔය සමහරුන්ට තරම් මට බැරිය. මොකුත්ම නොකර ගෙදරටම වී ඉන්නටත් සිතේ. සිතිවිලි වලට මාව පාලනයට ඉඩ දෙනවාද, මා විසින් සිතුවිලි පාලනය කරනවාදැයි කියා තීරණයකට එළඹීමට එවිට සිදුවේ.

සාමාන්‍යපෙළ ලියන්නට පෙර නම් සාමාන්‍යපෙළ ලිවීමෙන් පසු කරන්නට බොහෝ දේවල් පොතක ලියා සටහන් කර ගතිමි. ලියූ දෑ කෙසේ වෙතත්, මුළු ගෙයම පෙරළ පෙරළා හෙව්වද ලියූ පොත නම් සොයා ගැනීමට නොහැකි විය. දෙමළ විෂය යළි ඉගෙනීමට, ඉංග්‍රීසි පාඨමාලාවක් කිරීමට, දහම් පාසලේ අවසාන විභාගය ලිවීමට හා පොඩි විවේකයක් ගැනීමට සිතා නිවාඩුව ඇරඹීද, හා හා පුරා කියා සිදු වූයේ පොඩි විවේකය ලොකු වීම පමණකි.

මුළු කාමරයම අස් කළ අතර එහිදී හමුවූ ඇතැම් දේ වසර ගණනාවක පෙර අතීතයට කැදවාගෙන යයි. මුව කොණින් සිනහවක්, දුකක්, කණගාටුවක්, තරහවක්, ලැජ්ජාවක්, ඇති වූවා සේම ඇතැම් දෑ දුටු විට නැගෙන මතක මුළු ගේම දෙවනත් කර සිනා යන ඒවාය. හොද වේලාවට ළග පාත කවුරුත් සිටියේ නැත. සිටියානම් මෙහි ඊළග කොටස මුල්ලේරියාවේ සිට ලිවීමට සිදුවනු නොඅනුමානය. සියලුම පොත් රාක්කයෙන් අයින් කළ පසු රාක්කය හිස්ය. එය දිස්වන්නෙ හරියට උපන් ඇදුමෙන් සිටින දැවැන්ත මිනිසෙකු මෙනි. පොත් වලින් පිරී තිබෙන තරමට රාක්කය ලස්සනය. නෙත් දෙක වගේ පොත් ආරක්ෂා කළ හෙයින් පොත් ඉවත දැමීමට හිත එකළාස කර ගැනීමට බෙහෙවින් අපහසුය. වකුගඩුවක් දන්දීම ඊට වඩා පහසු යැයි එවිට සිතේ.

නිමානොවන කඩඉම් [Completed ✔️]Where stories live. Discover now