5 කොටස

48 20 3
                                    

එකිනෙකාට හැකි හැකි පමණින් විෂය කොටස් ධාරණය කර ගෙන ඇත. විභාගයට ඇත්තෙ තව මාස කීපයක් පමණි. පාසලේ මෙන්ම උපකාරක පන්ති වලද ගුරුවරු හනි හනිකට විෂය නිර්දේශ සම්පූර්ණ කරමින් සිටී. ඔවුන් තුළ පවතින තරම් උනන්දුවක් අප තුළද නැති බව විටෙක සිතේ. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය අතට දුන් මොහොතේදීවත් මෙතරම් බයක් සිතට දැනී නැත. උසස් පෙළට තව්  මාස තුනක්ම ඇත. නමුත් හදවත ගැහෙන වේගය වැඩිවී ඇත්තෙ දැවැන්ත බල්ලෙකු පිටුපසෙන් හඹා එන විටකදී මෙනි.

කොරෝනාව සම්පූර්ණයෙන් අවසන් නොවූවත් යම් තාක් දුරකට ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලද හෙයින් විභාගයට මාස තුනකට පෙර හෝ යළි පාසල් යාමට ලැබීම සතුටට කාරණයකි. නමුත් දහස් ගණන් සිසුන් සිටින පන්ති ආරම්භයට තවමත් අවසර දී නැත. එය නම් යහපතකි. තනිවම නන්නාදුනන නගරයකට යාමටද සිතෙහි බියක් ඇත. පුංචි මැණිකාට කරත්තකරුවන් මෙන් මටද ඒ නන්නාඳුනන නගර ගැන ඇත්තෙ අමුතු බිය ජනක හැගීමකි. ඉතිරි මාසයද මෙසේ online පන්ති වලට සහභාගි වීමට සිදු වීම ඇගට ගුණය. නමුත් හිතට අගුණය.

විභාගයට මාසයක් පමණ ඉතිරිව තිබියදී තවත් ගැටලුවකට මූණ පාන්නට සිදු විය. එනම් ජාතික හැදුනුම්පතයි. සාමාන්‍ය පෙළටත් මුහුණ දීමට සිදු වූයේ අර මොකක්දෝ කොළ කෑල්ලක් පෙන්නාය. යහළුවන්ද විහිළු කළේ පොඩි උන්ට හැදුනුම්පත් නැතැයි කියාය. කෙසේ නමුත් උසස් පෙළට එය අත්‍යවශ්‍යම බැවින් වහ වහා අවශ්‍ය ස්ථාන වලට ගොස් එයද සාදා ගතිමි. දැන් ඉතින් මාත් ලොකු ළමයෙකැයි මගේ මගේ හිතට හැගේ. නමුත් මෙතරම් ඉක්මනින් ලොකු වීම පිළිබද සිතේ කොණක යම් අමනාපයක්ද ඇත.

හෙට දින විභාගය ඇරඹේ... සියල්ල සූදානම්ය. වේලාසනින් නිදා ගතිමි.

"ට්‍රීං ට්‍රීං ට්‍රීං...."

ඔරලෝසුවේ හඩට ඇහැරී සූදානම් වී පාසලට ගියෙමි. හරියටම වේලාව 8.30 ය. සීනුව නාද වුණි. ප්‍රශ්න පත්‍රය අතට ලැබුණි. දැන් ඇත්තේ ලිවීමට පමණි.

ජීවිතයේ තවත් එක් කඩඉමක් ජයගැනීමට මා සූදානම්ය. එම කඩඉම ඉදිරියේයි මා දැන් සිටින්නෙ. මෙම කඩඉම ජයගත්තද තවත් කඩඉමකට මුහුණ දීමට මට සිදුවේ.. ජීවිතය යනු කඩඉම් සහ අභියෝග ගොන්නක එකතුවකි. ඒවා ජය ගැනීම නම් අපගේ දක්ෂතාවයයි.

                                         

                                             -නිමි-

නිමානොවන කඩඉම් [Completed ✔️]Where stories live. Discover now