•විද්‍යාව හා ආදරය•

352 55 16
                                    

ඇය මොන ගැනද මේ කියන්නෙ..?!

'විද්‍යාව හා ආදරය'

කෙතරම් පරස්පරවිරෝධී මාතෘකාවන්ද?!
ඒත් ඈට ඕනෙත් ඒ ගැන හිතන්න.මොකද එවැනි මාතෘකාවක් ඈට කුතුහලය ගෙනාවා,ඇගේම ජීවිතය ගැන නැවතත් සිතා බැලීමට පෙලඹුවා.

ඇගෙ දෑසට නින්ද අහිමි වෙලා.

ඒත් ඇගෙ දෑස් නිදි වරන්නෙ කුමක් නිසාද.ඇය ඊට හේතුව හොඳින්ම දැන හිටියාද?ඇය හිස සලා එවැනි නිශ්ඵල දෑ සිතීමෙන් වැලකෙන ලෙසට ඇගෙ සිතට තරවටු කලා.

ඈ දෑස් මඳකට අඩවන් කර කල්පනා කලා.

දැන් ඇය වෙනදා වගේම චරිතයන් මවන්නට වුනා.
කාන්තාවන්, පිරිමින්,සත්වයින්,රාක්ෂයින්,සුරදූතයන්..

අද ඇගේ රඟහලේ චරිතයන් වුනේ කවුරුන්ද? ඇය අද චරිතයන් වෙනස්ම අයවලුන් බවට පත් කලා.

__________________

ඇගේ ප්‍රධාන කාන්තා චරිතය.ඒ කාන්තාව, විද්‍යාඥවරියක්..
රසායන විද්‍යාඥවරියක්.
ස්වාධීන මුරණ්ඩු ගැහැණියක්. විවාහ වී වැඩිකල් නොගිය තරුණ කාන්තාවක්.
ඇය නිතරම හිටියෙ විද්‍යාගාරයේ වැඩකටයුතු වලට ඇලී ගැලීමයි.

එවිට ඔහු..
ඔහු සාමාන්‍ය පුද්ගලයෙක්…
සරල රැකියාවක් කල සාමාන්‍ය ලෙස ආදරය විශ්වාස කල මෙන්ම පෙරලා ආදරය බලාපොරොත්තු වූ අන් සෑම සාමාන්‍ය පිරිමියෙක්ම මෙන් පුද්ගලයෙක්.

ඒ කාන්තාවට ඈ ඇමතිය යුත්තෙ කෙසේද?
ඇය එතැන් පටන් ඒ චරිතයට ආරූඪ වූ නිසාම ඈ ඒ කාන්තාව 'ඇය' ලෙසම හැඳින්වුවා.

තිරය විවෘත වුවා.
ඇය රඟහලේ රැඟුම ආරම්භ කලා.

__________________________

විද්‍යාව ; සෑම විටම හේතු මත ගොඩනැංවුන තර්කානුකූල ශාස්ත්‍රය...

ආදරය ; හැඟීම්...

ඒ විකාරරූපී වූ අකුරු හතර සෑමවිටම හැඟීම් මත ඉපදී හැඟීම් මතම මිය යන බව විද්‍යාඥවරියක් වූ ඇය පවා දැන සිටියා.

ඇය විද්‍යාවෙන් ආශිර්වාද ලත් අයෙක්.. ආදරයෙන් නොවේ.

තවමත් රසායනාගාර කබාය ඇදහිටි ඈ හිස් වූ නිවස දෙස බලමින් එය මෙලෙස හිස් වීමට හේතුව ඉහත කී ආශිර්වාදය බව වටහා ගත්තා.

The ScientistDonde viven las historias. Descúbrelo ahora