කලකට පෙර සිටම ඈ ඇගෙ සිතුවිලි වලට පණ දුන්නා.
එකල ඇගේ අතින් ලියවූ හැම කතාවකම සිටින ප්‍රධාන චරිත නිර්භීත වුනා. ආදරය යන්න ජීවිතයම කර නොගන්නන් වුනා. විටෙක අන්ධ වූ ආලයට ඇඟිලි දිගු කර අපහාස කරන්නන් වීමට පවා නොපැකිලෙන්නන් වුනා.
නමුත් කාලයක් ගත වත්ම, ඈට වැටහුනා.
සාමාන්‍ය ජීවිතය තුළදී, බොහෝවිට ඈ, ගින්නේ ආලෝකයට ඇදෙන අනුවණ කෘමියෙක්ටත් වඩා වේගයෙන් හා ආශාවෙන් ආලය පසුපස හඹායන්නෙක් බව.මනුස්ස ප්‍රාණීන් තමා දැවෙන අපායන් තෝරාගෙන අනේකවිධ ආකාරයට තමාව පුලුස්සා ගන්නා අතර, ඈ දැවෙන්නට ආලය තෝරාගත්තා.
දැවෙන බව, ඈ දැන සිටියා.
නමුත් ඈ ගිනිදැල් සෙනෙහසින් තුරුලු කරගන්නෙක් වුනා.----------
( මන් හිතන්නේ,
මිනිස්සු ඇත්තටම එහෙමයි.කොච්චර ලොකු ටෝක්ස් දැම්මත්, අන්තිමේදි ආදරේ, සෙනෙහස වගේ හැඟීම් වලට,කරුණාවන්ත හිත් වලට මිනිස්සු ආසයි. කට කොච්චර දේවල් දෙඩෙව්වත්, හිත් නිවෙන්නේ ඒ වගේ තැන් වල.
අපි මතුපිටට හෙන නිර්භීත,හරිම ඉන්ඩිපෙන්ඩන්ට් චරිත කියලා පෙන්නන්න පුළුවන්...ඒත් අපිට ආදරේ ඕනේ. අපිට තව කාගෙහරිම කරුණාවන්ත හිතක් ඕනේ. අපි ඒකට ආසයි. ඒකයි අපි එච්චර ඉක්මණට, පොඩි අංශුමාත්‍රික බැල්මකින් වුනත්, මිනිස්සුන්ට ඇලෙන්නෙ.)
______________________________________
ආයාලේ ගිය මොනරෙක්ගෙ
බීරී කරවන කෑගෑසීමක් අතරතුර
මොරදෙන මගේ සිතුවිලිද
විලාප තැබීමට සලස්වමි.______________