ඈ අද ඉස්තරම්ම ප්රංශ අවන්හලක,අඬ අඳුරු එළියක් මැද මේසයක වාඩී වී ඉන්නා තරුණියක්..
ඈ ඇඳ හිටියෙ සරල තනි සුදු පැහැ ගවුමක්..එහි රතු පැහැ ෆීනික්ස් පක්ෂියෙකුගෙ හැඩයක් ගත් පළඳනාවක්ද අමුණා තිබුනේ එහි සරල සුන්දරත්වය තවත් ඉස්මතු කරමින්.
ඇගේ දුඹුරු පැහැ කොණ්ඩය මනාව උරිස් මතින් කඩාහැලී ගොස් එහි අගිස්සෙන් මදක් කැරලි ආකාරයෙන් පිහිටියා. අවන්හලේ මෙනුව පෙරළමින් ඈ රසවත් ප්රංශ ආහාරයක් පිළිබඳව සොයා බැලුවා.
ඒ අවන්හල මඳක් විශේෂ වුවා.
එහි කෝකියන් එහි පැමිණෙන්නන් අසලට ගොස් ඔවුන්ගෙන් ආහාර වර්ගය විමසන අතර පිසූ ආහාරය ගනුදෙනුකරු අසලට ගෙන එන්නේද ඒ කෝකියනුයි..
ඈ ඇගෙ වාරය එනතුරු බලාසිටින අතර ආහාර වර්ගයක් තෝරාගත නොහැකිව ලත වුනා.
"මිස්..මමයි අද ඔයාගේ කෝකියා.."
හිස එසවූ ඈට මුණ ගැසුනෙ ලස්සන දෑසක්.
ඝන ඇහිබැම මෙන්ම ඇස් පිහාටුද ඒ අඳුරු ලානිල් පැහැ දෑසට ගෙනාවේ අලංකාරයක්..
දඟකාර ලෙස මුහුණට වැටුනු කලු පැහැ කෙස් රොද තරුණ කෝකියාගෙ සෙල්ලක්කාර පෙනුමට උදවුවක් වුනා.
"මිස්,ඔයා තෝරගත්ත කෑම වර්ග කියන්න..?"
පෑනක් මෙන්ම කුඩා පොතක් සාක්කුවෙන් ගත් කෝකියා ඈ දෙස බලා සිටියා."මට තෝරගන්න බෑ..ඔයා මොනාහරි යෝජනා කරන්න.."
ඈ ඇතුලත හැමූ තදබල කුණාටුව ඇතුලතම මිහිදන් කර සන්සුන්ව කතා කරන්නට වුනා."අලුතෙන් මෙනූ එකට ආව කෑමක් තියෙනවා..
ඒක ගොඩක් අය අතරෙ දැනටමත් ජනප්රියයි..ඒකට අපි කියන්නේ 'ciel étoilé' කියලා.." ආඩම්බරකාර තරුණ කෝකියා ඇගෙ දෑසෙන් විහිදුන ආලෝකය මීට පෙර ඕනෑතරම් දැන උන් ආකාරයට කතා කළා."ciel étoilé?"ඈ ප්රශ්න කලා..
"ඔව් ඒකේ තේරුම වගේම ඒක තරු පිරුණ අහසක් වගේ හැඟීමක් ගේනවා කියලා තමා හැමෝම කිවුවේ.."
"ඔයාගෙ ඇස් වගේ.."ඈ මිමිණුව නමුත් එය කෝකියාට ඇසීමට තරම් ප්රමාණවත් වුනා.
කෝකියා මඳක් ගල්ගැසුනා..
ඔහුගෙ දෑස් දෙස බලා ගණුදෙනුකරුවෙක් එලෙස පැවසූ ප්රථම වතාව මෙන් ඔහු මඳවෙලාවක් ඈ දෙස බලා සිටියා."ඒක විතරද මිස්?"ඔහු සුළු වෙලාවකින් ඔහුගෙ දැහැනෙන් මිදුනා.
"ඔයා ඒක හදන අතරෙ හොඳ වයින් වීදුරුවක් එවන්න.." ඈ වැදගත්ම දේ සඳහන් කලා.
"හරි මිස්.." කෝකියා එතනින් පිටවුනා.
___________________________________________
තරුණියගෙ මේසය පිරිසිදු කළ ප්රංශ කෝකියාට ඈ එහි තබා ගිය ටිෂූ කඩදාසියක් හමුවුනා
"tes étoiles ont emporté mon coeur"
[Your Stars Took My Heart Away]
ඈ එහි ලියා තැබූ අයුරු කෝකියාට දකින්නට ලැබුනා.
ඔහු මඳ වේලාවක් එය නැවත නැවත කියවූවා.අවන්හලෙන් වේගයෙන් පිටතට ආ තරුණ කෝකියා, තරුණියව සොයා කිහිප අතකටම විහිදෙන වීදි දෙස අසරණව බලන්නට වුනා.
"කාවහරි හොයනවා වගේ.."
ඔහුගෙ පිටුපසින් ඇගෙ කටහඬ ගලා ආවා.