10th chapter part 01 - Season 02

49 11 9
                                    

💖 සිහිනය දිගේ 💌

අවසාන ගෙත්තම.  1️⃣0️⃣ පළමු දිගහැරුම  1️⃣

____________________________________________________

     ජින්ම්‍යොන්ග් හැමෝටම වීඩියෝ එක පෙන්නුව නිසා එදා  මමයි ජින්ජිනුයි කිව්ව ඩුවට් එක මෙතනදිත් කියන්න වුනා.... 😕
අනිත් අය  වෙන සිංදුවක් කියමු කියලා කිව්වෙ අපි දෙන්නගෙම හිත් ගැන දන්න නිසා.😶.  ඒත් ජින්ජින් මල්ලිගෙ හිත රිද්දන්න බැරි නිසා   'කමක් නැහැ' කිව්වෙ මගෙ මූණ දිහා බලලා මමත්   'හා'  කියන්න ඔලුව වැනුවට පස්සෙ...😶

අපි දෙන්නා ඒ සිංදුව කියද්දි පරණ මතක වල තනි වෙලා දෙන්නගෙම ඇස් වලින් එක දිගට කඳුලු වැටෙන්න පටන්ගත්තා....😭😭😭😭😭
ආයෙ හැරෙන්න බැරි දුරක් ආපු අපිදෙන්නා.. කොහොම හරි මේ දේ දරාගන්න ඕනෙ...😢😢

සිංදුව කියලා ඉවර වෙලා මම වොෂ් රූම් එකට ගියේ .. අඬපු නිසා මූණ හෝදගන්න..... එතනදිත් අතීතය මතක් වෙලා මට ඇඬුනා.😭😭😭

මම විනාඩි විස්සක් විතර වොෂ් රූම් එක එළියෙ බිම වාඩි වෙලා කල්පනා කර කර ඉන්නකොට මට කෝල් එකක් ආවා....📲📲

___________________________________

💚"යොබොසෙයො....."

📱"මිස්.. මේ ශයිනි මිස්ගෙ ගෙදරින් ද.. ලොකු හදිස්සියක්..... "

💚"ද් දේ.....ක්... කන්දේ..  ක...ම්චෙගි වේයෝ....
ද්... දන්ශිල්...ද්.. දුගු සෙයො...."

📱"මේ soul hospital එකෙන්......."

💚"මෝහ්........"

📱"දේ... අද main road එකේදි ශයිනි මිස් ආපු කා එක ඇක්සිඩන්ට් වෙලා.. පුලුවන් තරම් එක්මනට එන්න..."

අන්තිම ටික මට ඇහුනෙ හීනෙන් වගේ..... ෆෝන් එක කට් වුනාද කියලා මම දන්නෙ නෑ...
ටිකක් වෙලා යනකන් මට මුකුත් කරකියාගන්න  බැරි වුනා.......
සිහිය ආපු ඊළඟ මොහොතෙම මම මට පුලුවන් උපරිම හයියෙ කෑගැහුවා.......
.
.
.
.
.
.
.

💚"අක්කේ........................................................."

.
.
.
.
.
.
.

මගෙ කකුල් දෙක පණ නැතුව එහෙම්මම බිම වැටුනා....  කෑගහපු සද්දෙට ඔක්කොම දුවගෙන ආවා...  මගෙ වටේ කට්ටිය හිටියා... ඒත් එයාලා ඔක්කොම බොඳ වෙලා.... මගෙ කටින් එළියට ආවෙ  එකම වචනයයි. මම ඒක මැතිරුවා...😳😳😳

❤⚜️ Dream ⚜️❤Where stories live. Discover now