Chapter 05

66 10 82
                                    

එතනින් එහාට එයාලට කතා කරන්න බැරි වුණේ එයාලගේ ක්ලාස් ටීචර්, Mr. Choi ක්ලාස් එකට ආපු නිසා. Mr. Choiගෙ පිටිපස්සෙන් තවත් පොඩි කොල්ලෙකුත් ඇතුළට ආවා.

"කවුද අප්පා ඒ? "

"මොක වුණත් හැන්ඩ්සම් කොල්ලෙක් අා.."

"අලුතෙන් ආපු ළමයෙක් වෙන්නැති. "

"ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද දන්නේ නෑ නේ? "

"ඇයි ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කරගන්න ද? "

පන්තියේ කෙල්ලො කොල්ලො දෙගොල්ලොන්ගෙ ම කසුකුසුව නැවතුනේ Mr. Choi කතා කරන්න පටන් ගත්ත ම.

(👨‍🏫 = Mr. Choi, the class teacher)

👨‍🏫 "ගුඩ් මෝනින් ළමයි. "

"ගුඩ් මෝනින් සොන්සෙන්ග්නිම් (teacher)"

👨‍🏫 "ළමයි.. මේ ඉන්නේ අපේ ක්ලාස් එකට අලුතෙන් එකතු වෙන ළමයා. ඔයා ම ඔයාව යාළුවන්ට අඳුන්වලා දෙන්නකෝ. "

Mr. Choi ටීචර්ස් ටේබල් එක එහා පැත්තෙන් හිටගෙන ඉන්න අලුතෙන් ආපු පිරිමි ළමයට එහෙම කිව්ව ම එයා අංශක 90ට ම නැවිලා ආචාර කරලා එයාව හඳුන්වලා දුන්නා.

🐢 "අන්යොන්හසෙයෝ (hello) , Kim Hyung Jun-imnida (imnida = I'm) Nice to meet you. Hope we all can be friends. "

👨‍🏫 "Hyung Jun, ඔයා Young Miට එහා පැත්තේ ඩෙස්ක් එකෙන් වාඩි වෙන්න. "

Mr. Choi කිව්වේ Young Miගෙ ඩෙස්ක් එකට එහා පැත්තේ තියෙන හිස් ඩෙස්ක් එක පෙන්නලා. පන්තියේ හැමෝටම ආපහු හිනාවකින් සංග්‍රහ කරලා Jun එයාගේ ඩෙස්ක් එකට ගිහින් වාඩි වුණා.

🍂 "Hi.. Hae Seong-imnida. Let's be friends. "

Junගෙ ඩෙස්ක් එකට ඉස්සරහ ඩෙස්ක් එකේ හිටපු පිරිමි ළමයා පිටිපස්ස හැරිලා කතා කළා.

🐢 "Sure. "

🍂 "අාාා.. මේ තියෙන්නේ මැත්ස් බුක් එක. Mr. Choi අපිට උගන්නන්නේ මැත්ස්. ඒ නිසා ෆස්ට් පීරියඩ් එක මැත්ස්. දැනට මේ ටිකට ඉඩ අරින්න. පස්සේ අනිත් subjectsවල පොත් පෙන්නන්නම්. "

Hae Seong කිව්වේ එයාගේ මැත්ස් පොත Junට දීලා.

🐢 "කුමාවෝ (thank you)"

👨‍🏫 "ළමයි.. ඔයාලට කියන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. ඔයාලා මේ අවුරුද්දේ ෆයිනල්ස් ලියන්න ඉන්න අය. ඒත් ගිය අවුරුද්දේ ටර්ම් ටෙස්ට්ස්වල ලකුණුත් එක්ක ගිය සතියේ තිබ්බ මන්ත්ලි ටෙස්ට් එකේ ලකුණු බැලුව ම Young Mi ඇරුණ ම අනිත් හැමෝගෙම පර්ෆෝමන්ස් හොඳට ම මදි... "

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now