🐶 "හරි හ්යොන්ග්.. අපි යන්නම්. "
අන්තිමට Hyun Joong එහෙම කියලා දොර ඇරගෙන ඇතුළට ගියේ අනිත් හතර දෙනාටත් එන්න කියලා ඇස්වලින් කියන ගමන්. ඒත් ඇතුළට ගියපු කොල්ලො පස් දෙනා ම හිටපු තැන්වල ම ගල් වුණේ එයාලා දැකපු දේ නිසා.
එයාලා දැක්කේ DSP CEO, Mr. Lee වගේ ම මුළු කම්පනි ස්ටාෆ් එකෙන් බාගයක් විතර ම එයාලා දිහා බලන් ඉන්නවා.
(🗣️= DSP CEO, Mr. Lee)
🗣️ "මොකද ළමයිනේ ඔතනට වෙලා හිටගෙන ඉන්නේ? ඇවිත් වාඩිවෙන්න.. අපි ඔයාලා එනකන් තමයි බලන් හිටියේ."
Mr. Lee එයාගේ ළඟ ම තිබුණ හිස් පුටු පහ පෙන්නලා එහෙම කිව්ව ම කොල්ලො ටික මැනේජර් හ්යොන්ග් දිහා බැලුවේ මෙතන වෙන දේ තේරුම් ගන්න බැරුව. ඒත් මැනේජර් හ්යොන්ග්ත් කළේ පුංචි හිනාවක් එක්ක එයාලට ගිහින් වාඩිවෙන්න කියලා හිසින් සන් කරපු එක විතරයි. තාමත් මේ ගැන කිසිම අදහසක් නැතත් කොල්ලො ටික ගිහින් Mr. Lee පෙන්නපු පුටුවල වාඩි වුණා.
🗣️ "හරි.. එහෙනම් අපි දැන් මීටින් එක පටන් ගමු. හැමෝම දන්නවනේ අද මීටින් එකක් තියන්න හේතුව.. අාාා.. හැමෝම කිව්වට පස් දෙනෙක් දන්නේ නෑ නේද?... "
Mr. Lee කිව්වේ කොල්ලො පස් දෙනා දිහා බලලා.
🗣️ "...එහෙනම් මන් හේතුව පැහැදිලි කරල ම පටන් ගන්නම්. අද අපි මෙතනට ඇවිත් ඉන්නේ අපේ කම්පනි එකේ අලුත් ම male idol group එකේ debut එක ගැන කතා කරන්න. ඔයාලා දැනටමත් දන්නවා අපේ අලුත් group එකේ සාමාජිකයෝ පස් දෙනෙක් ඉන්නවා. මෙතන ඉන්න බහුතරයක් එයාලව අඳුරනවා වුණත් නො දන්න අයත් ඉන්න නිසා මන් හිතන්නේ ඔයාලා ඔයාලව අඳුන්වලා දුන්නොත් හොඳයි... "
Mr. Lee කොල්ලො ටික දිහා බලලා එහෙම කිව්වත් කොල්ලො ටික නෙමේ හුම් කිව්වේ. මොකද එයාලා හිටියේ පුදුම වෙලා එයාලගෙ ම මනෝ ලෝකවල. එයාලා මෙහෙම දවසක්.. මෙහෙම මීටින් එකක් බලාපොරොත්තු වුණා.. හැබැයි මෙච්චර ඉක්මනට නෙමේ. තාම Jun එයාලට එකතු වුණා විතරයි. එහෙම එකේ මේ තරම් ඉක්මනට එයාලව debut කරයි කියලා කොල්ලො පස් දෙනාගෙන් කවුරුවත් ම හිතුවේ නෑ. මනෝ ලෝකවල කරක් ගගහා හිටපු කොල්ලො ටික පියවි සිහියට ආවේ Mr. Lee එයාලට ආපහු කතා කරපු නිසා.
YOU ARE READING
Tears Behind Her Smile || SS501 [Completed]
Fanficවෙනත් කෙනෙකු වෙනුවෙන් තමන්ගේ සිහින කැප කරන්න කෙනෙකුට පුළුවන් ද? වෙනත් කෙනෙකුගේ සිහින තමන්ගේ කරගෙන උදවු කරන්න කෙනෙකුට පුළුවන් ද? මෙලොව තිබෙන සොඳුරුතම බැඳීම් ආදර බැඳීම් විතර ද? ආදරයට එහා ගිය බැඳීම් රැසකගේ එකතුවක්... සිහින පසුපස හඹා යන, සිහින ජය ගන්නට...