~ Flashback ~
(about 3 years ago)Author's POV
👨⚖️ "Harumi.. ඉක්මනට එන්න ළමයෝ.. මට ඔෆිස් යන්න පරක්කු වෙනවා. "
Breakfast අරන් මේසෙන් නැගිට්ට අප්පා කිව්වේ පඩිපෙළේ පඩියක් ඇර පඩියක් උඩ පැන පැන බැහැගෙන එන Young Miට.
💚 "ඔහ්.. අප්පා තාම ගියේ නැද්ද? "
පඩිපෙළ බහින එකත් නතර කරලා Young Mi ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා.
👨⚖️ "මන් යන්නේ කොහොමද ඔයා නැතුව? කෝ ඉක්මනට breakfast අරන් එන්න.. මන් 7.15 වෙද්දී ඔෆිස් එකේ ඉන්න ඕනේ. දැනටමත් පරක්කුයි. "
💚 "අප්පා.. අප්පා එහෙනම් යන්න. මන් ඔම්මා එක්ක ස්කූල් යන්නම්. කොහොමත් දැන් ම ගියා ම මට ගොඩ වෙලාවක් තනියම ඉන්න වෙනවා.. Yuri එන්නෙත් පරක්කු වෙලානේ. "
කෙල්ල කිව්වේ එයාගේ කියුට් හිනාවත් දාගෙන පඩිපෙළේ ඉතිරි ටිකත් බැහැලා අප්පා ගාවට එන ගමන්. දැක්ක ම කාට වුණත් බෑ කියන්න හිතෙන්නේ නැති ලස්සන හිනාවක් එයාට තිබ්බේ. ඒ නිසා ම මොනවහරි දෙයක් කරගන්න ඕනේ වුණා ම ඒ හිනාව දාන එක කෙල්ල දැන් පුරුද්දක් කරගෙන.
👨⚖️ "ඒත් එතකොට ඔම්මට ඔයාව දාන්න විතරක් ම එළියට යන්න වෙනවනේ. ඔම්මා පව්නේ. ඒ නිසා අදට මාත් එක්ක යමු.. මන් නැති දවසට පුළුවන්නේ ඔම්මා එක්ක යන්න. "
අප්පා කිව්වේ කෙල්ලගේ මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සෙන් රඳවන ගමන්.
💚 "අනි.. ඔම්මා යනවා කිව්වා ඔප්පව බල.. "
Young Mi කිය කිය හිටපු එක බාගෙට නවත්තලා අතින් කට වහගත්තේ හරියට වැරදි දෙයක් කියවුණා වගේ.
👨⚖️ "ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. මෙයාට තියෙන්නේ කලින් යන්න බැරිකමක් නෙමේ.. ඔප්පා බලන්න යන්න ඕනිකමක්. "
අප්පා හිනා වෙලා කෙල්ලගේ කම්මුලකුත් මිරිකලා එහෙම කිව්ව ම කෙල්ල කළේ ආපහු අර එයාගේ කියුට් හිනාව දාපු එක.
👩🦰 "අනේ අනේ මේ අප්පගෙයි දුවගෙයි නාකි හුරතලේ. Harumi.. ඉක්මනට ගිහින් කෑම කන්න.. නැත්නම් ඔයාටමයි පරක්කු වෙන්නේ හොඳේ. "
💚 "හරි හරි ඔම්මා මේ යනෝ.. "
කියලා Young Mi දුවගෙන ගියේ කෑම මේසෙට.
YOU ARE READING
Tears Behind Her Smile || SS501 [Completed]
Fanfictionවෙනත් කෙනෙකු වෙනුවෙන් තමන්ගේ සිහින කැප කරන්න කෙනෙකුට පුළුවන් ද? වෙනත් කෙනෙකුගේ සිහින තමන්ගේ කරගෙන උදවු කරන්න කෙනෙකුට පුළුවන් ද? මෙලොව තිබෙන සොඳුරුතම බැඳීම් ආදර බැඳීම් විතර ද? ආදරයට එහා ගිය බැඳීම් රැසකගේ එකතුවක්... සිහින පසුපස හඹා යන, සිහින ජය ගන්නට...