05 ( රිදී දොරටුව )

463 107 9
                                    

My Un Seen LoVer🌹🌹

පස්වෙනි කොටස-05
( Silver Gate)

ෂාන් කේන්තියෙන් කදුකර වැඩිහිටියා දෙස බැලීය...
එවිට යීබෝ යාබද කුටි පෙළෙන් එක් කුටියක සිට පිටතට ආවේය..

"බොදී........ෂාන් දුව ගොස් යීබෝව තුරුළු කරගත්තේය .
මම බය වුනා ඔයා අතුරුදහන් වෙලා කියලා..
ෂාන් තම කදුළු පිරි දෑසින් යීබෝ දෙස බලා සිටියේය..
යීබෝ ෂාන් තුරුළට තද කරගත්තේය ..

" මෝඩ කොල්ලො දෙන්නෙක් .. කදුකර වැඩිහිටියා මුමුනන්නට වීය...

එවිට ෂාන් රැවටුනු මැදි වයසේ මිනිසා මද සිනහවක් පාමින් කුටියකට රිංගා ගත්තේය ...

" නුඹලා දෙදෙනා මා පසුපස එන්න...
වැඩිහිටියා තමා පෙර සිටි කුටිය වෙතට දෙදෙනා රැගෙන ගියේය...

" දැන් ඉදලා හොදට හිතට ගන්න ඕනි...ඔහු ෂාන් දෙසට හැරී කතා කරන්නට විය..

" මේ අවස්ථාව එක වරයි ලැබෙන්නේ...
ආපහු මේ අවස්ථාව කවදාවත් ලැබෙන්නේ නෑ..
මේ වරම මග අරන් සිදු වූ අයහපත් භයානක දේවල් නිවැරදි කරගන්න පුළුවන් ..

ඔබ.. ඔහු ෂාන්ටම සියලු දේවල් පවසන්නට විය..

ඔබ සේරම නිවැරදි කරගන්න ඕනි.. සමහර විට දේවල් අවුල්සහගත වෙන්න පුළුවන් ..
කල්පනාවෙන් වැඩ කරන්න..

ඔයාගේ ආදරය ජීවත් කරලා තියාගන්න පුළුවන් හැමදේම කරන්න..
මේ අවස්තාව ඔයා මගහැර ගත්තොත් ආපහු ඔයාට හිටපු තැනටම එන්න වෙනවා..

එතකොට ඔයාට මෙයාව මේ විදියටවත් දකින්න ලැබෙන එකක් නෑ...

ෂාන් වැඩිහිටියා පැවසූ සියල්ල අපභ්‍රංශ ලෙස වීය..
ඉතාම සංකීර්ණ ගණිත ක්‍රමයක් විසදීමට ලබා දුන්නක් මෙන් දැනිනි..

" මං එක්ක එන්න..

දෙදෙනා ඔහු පසුපස ගියේය...
ඔහු සිටි කුටියේ ඇතුලත තවත් කුටියක් වූ අතර එය අදුරු වූවත් නිල් පැහැති ජලය පිරුණු කුඩා පොකුණක් එහි විය..
ෂාන්ට පිටත ගිම්හානය වුවත් එම කුටිය තුළ ශීත කාලය තරමටම සීතලක් දැනිනි..
ෂාන් තම අත්වලින් පපුව වසාගෙන අත්වලටම ගුලිවන්නට වීය..

My un seen Lover(YizhanShortff✔️🔚) Where stories live. Discover now