My Un Seen Lover-🌹🌹
.
.
.
.
හයවෙනි කොටස
.
.
.
ෂාන් Callender එකේ පිටු පිස්සුවෙන් මෙන් පෙරලන්නට වූ අතර මව හැන්ද අතැතිව විශ්මයෙන් බලාසිටියාය..."අම්මේ .... මොකක්ද මේ.. අද කවද්ද???
"අහ්... මොනා වෙලාද ඔයාට.. ඊයෙ ඔයාගේ birthday party එක තිබුනේ...ෂාන් තම මතකය ආපස්සට හැර වූ අතර ෂාන් අන්තිමට B day එකට party එකක් ගත්තේ තම 19වෙනි උපන්දිනයටයි..
" මොකක්....??? මට තාම 19 යි ද?? ෂාන්ගේ ඇග පුරාම හිරිගඩු පිපුණි... එකවරම ඔහු මේසයේ පුටුව උඩ වාඩි වූවා නොව ඇදගෙන වැටුණි..
කලබල වූ මව ෂාන් ළඟින් වාඩිවූවාය...
" පුතා මොකක්ද ප්‍රශ්නේ..???
ඇයි ඔයා අමුතු විදියට හැසිරෙන්නේ??
මොකක්ද ප්‍රශ්නය...???මට කියන්න..ෂාන් සහ යීබෝ හියුංසන්ගේ නිවසේ සිට ආවේ පලමුදා ය...
ඒ වන විටත් ෂාන් සහ යීබෝගේ කුළුඳුල් ආදරය සුවසේ විදිමින් සිටියේය...යීබෝ ෂාන්ගේ නිවසේ ජනේලයෙන් පැන ඒම සිදුකරන කාලය එය විය...
ඉක්මනින් කලබල වූ ෂාන් පඩිපෙලෙන් උඩට වේගයෙන් දිවගියේය.. යීබෝ රාත්‍රී 7.00 වන විට ෂාන්ගේ ජනේලයෙන් පැමිණීමට හුරුව සිටියේය..
දවස පුරා නිදා සිටි ෂාන් අවදි වී තිබුණේ සවස 4.00 ටයි...
නමුත් දැනටමත් සවස 4.30 වී තිබුණි...තවමත් ෂාන්ගේ කකුලෙන් හිමීට ලේ බිංදු ටයිල් මතට වැටෙන්නට වූ අතර සිදු වූ කිසිවක් ෂාන්ට සිතාගත නොහැකි විය...
ෂාන් හිමීට තම අඩපන ශරීරය කාමරයේ තම මේසය අසල පුටුව උඩට වත්තම් කරගත්තේය ...
එහි වාඩි වී තම හිස දෑතින් අල්ලාගන්නට විය...
හිමීට හිතමු.... ෂාන් හුස්ම ගන්න... හිතන්න... හිතන්න...
ෂාන් තම දෑත හුස්ම ගන්නා රිද්මයටම උඩට පහලට රැගෙන යන්නට වීය...
" කදුකර වැඩිහිටියා කිව්වේ නෑනේ අපි කාලය හරහා යනවා කියලා.. එයා කිව්වේ යීබෝගේ ආත්මය වෙන ශරීරයකට මාරු කරනවා කියලනේ...
" මොකක්ද උන වරද.... කොතනද වෙනස් වුනේ... ඒත් දැන් බෝ දී මමයි ආදරේ කරන්න ගත්ත මුල් කාලෙනේ..