My Un Seen LoVer❤️....💚
.
.
.
.
.
.
.
.
ෂාන් තම ඇද උඩ වාඩිවී ලැප් එකේ වැඩ කරමින් සිටියේය..
ඒ අතර ජනේලයෙන් කොල ගුලි ඇතුල් විය..
ෂාන් කට කොනකින් සිනහ වන්නට විය..
කිසිදෙයක් සිදුනොවුනා සේ ආපහු ඔහු වැඩ කරගත්තේය..
ඒත් ෂාන් සැරෙන් සැරේ තම ඇස් කරකවා ජනේලය දෙස බැලුවේය.."ස්ස්.... ......ස්ස්.......
බනී...
බනී...
බනියෝ..............""එනවකෝ පොඩ්ඩක්..."
මට බෑ.. මං Busy..
මං එන්නද ජනේලයෙන් පැනලා..??
අනේ බනී එනවකෝ ???මට බෑ... ඔයාට ඕනිනම් එන එකයි ඇත්තේ.. ෂාන් කට පැත්තට ඇද කරමින් පවසන්නට විය..
"හිතුවක්කාර බනී..."
යීබෝ ෂාන් වෙත දීප්තිමත් ලෙස බලා
ජනේලයෙන් ඇතුලට පැන්නේය..."අයියෝ මෝඩයා............මොනවද කරන්නේ...???"
"අම්ම දකී ඔයාව... "
ආපහු මට බැනුම් අහගන්නයි වෙන්නේ... මේ මෝඩ බෝ...ෂාන් බොරු තරහවක් ගත්තේය..
මොකද තාම ඔයා වැඩද..???
මගෙ ඔලුවත් එක්ක පිස්සුයි බෝ..බෝ... මේ design ටික හෙට වෙනකොට E-Tel marketing එකට දෙන්න ඕනි...
අනේ මගේ ලගට වෙලා ඉන්නකෝ බෝ..
තව ටිකයි කරන්න තියෙන්නේ...ෂාන් යීබෝගේ කනට බරවී..
" මේ දොර ලොක් කරලා එන්නකෝ...
අම්මා ඔයා එනවට කැමති නෑනේ.. එයාට සැකයි අපිව..යීබෝ ඇදෙන් නැගිට ගොස් Room එකේ දොර වැහුවේය..
ෂාන් ලැප් එකට ඇස් යොමු කරගෙන බරටම වැඩකරන්න විය..
යීබෝ හිමීට ෂාන්ගේ අත අස්සෙන් රිංගා තම ඔලුව ෂාන්ගේ උකුල මත තබා ගත්තේය...
ෂාන්ගේ මුහුණ රෝස පැහැයට හැරුනි..
" අනේ මැට්ටෝ මට ඔයාව හුරතල් කරන්න වෙලාවක් නෑ...
මට තව විනාඩි 10ක් දෙන්නකෝ.. හාද බෝබෝ..ෂාන් තම බනී හිනාව යීබෝට ලබාදී යීබෝගේ නලල මත මෘදු හාදුවක් තැබුවේය...
සැරෙන් සැරේ ෂාන් යීබෝගේ ඇස් දිහා බැලුවේය...
ෂාන්ට තේරුනේ මුලු කාලය පුරාම යීබෝ තමාගේ මුහුණ පුරා දෑසින් රටා අදින බවකි.
ෂාන්ගේ මූන රෝස පාටින් රතු පාටට මාරුවිය...