ඒත් අපි අතර ලොකු ප්‍රශ්නයක් තිබුනා,ඒ අපේ හීනය,
එකම හීනෙට යන්න කොච්චර ආසාවෙන් අපි හිටියත්
ඒකට අපේ ඉස්සරහින් හිට ගත්ත ලොකුම බාධාව උනේ අපේ තාත්තලා.... ,
දන්නවද ඒ කොහොමද කියල,
එයාලට ඕන උනා සාර්ථක කරගන්න බැරි උන එයාලගෙ හීනේ අපිට කියල සාර්ථක කර ගන්න
කොටින්ම කිව්වොත් එයාලගෙ හීන වලට පණ දෙන්න අපිව ඉත්තො කරගත්තෙ අපේ හීන හීන විතරක්ම වෙලා යනකොට..... ,
-----------------------------------------------------
මගේ ආම්දරනීය බෙස්ටියා කොච්චර ගොම් බදින දිරච්ච කණුවක්ද කියනවනම්,
තාත්තා බැනලා බැනලා යනකන් ඉදල මොනවම හරි කියල පොර දුවනවා,
දුවල එන්නෙත් අපේ ගෙදර,
ඔය හොල්මන හින්දා මමත් එයාලගෙ තාත්තගෙන් ගුටි කාපු වාරනම් අනන්තයි......
හරි හරි මම එයාව හදුන්වල දෙන්නම්,
එයා පීහූ
පීහූ රණසිංහ, මගේ වයසෙම තමා,
ඔහේගේ ඔයිට වඩා ලස්සන photo's නෑ ඕයී...දන්නෝද,
ගැලරිය ශුද්ද කරද්දි අහුඋනේ ,
එකක දඩි දියබරියෙක් වගේ
තව එකක පෙරේත ඌරූ තඩියෙක් වගේ,
තව එකක සයීබීරියන් හිකනලෙක් වගේ,
ඉතිම් ඔව්වා දැම්මෑකී ඈ,මටත් නම්බුවක් කියල එකක් තියනෝනේ.... ,
.
.
.
.
.
.
.
.
.මෙහෙම ටික කාලයක් ගෙවිලා ගියා, සමහර විට මාසයක් විතර
අද හොදටම වහිනවා, මමයි පීහුවයි වහිනවා බලන්න වෙල පැත්තෙ යන්නෝන කියල කතා වෙලා හිටියෙ
ඊයේ රෑ නම් කිව්වෙ උදේම යනෝ කියල,
-----------------------------------------------------
පීහූ - : නැගිටපම් ඉෂුවෝ, තාම නිදිද හිකනලෝ, call එක answer කරහම් යකෝව්...
මම - : මොන බූරුවද මේ උදේ පාන්දරම, ආහ් මට හිතුනා....
මොකද ගෑම්නියේ උදේ පාංදරම කුකුලත් අතේ තියාගෙන
පීහූ - : උදේ... බලපම් වෙලාව,
මම - : වෙලාව.... ඒක නම් හොද නෑ කියලම තේරුනේ මට ඔහේව හම්බුන දවසෙමයි
පීහූ- : මේ අහිම්ශක හිත රිදෙන කතා මංද මේ හිමිදිරි උදෑසනම
මම - :ඔව් ඔව් උදෑසන නොවුනනම් ඔයිට වඩා ආදරෙම් අමතන්නෙ මයෙ පුතේ
පීහූ - : අනේ මගෙ කට... විනාඩි පහකිං මෙතන හිටියෙ නැත්තම් පස්සෙ එනවකෝ...
මම-:විනාඩි පහයි ඔතන තුඩූ ඉන්ඩෝඕඕඕ
පීහූ - :හිකි හිකි ඔය බය තිබ්බම ඇති, ගානට ඇදුම් ටික බලලා ඇදම් වරෙමේ මැණික, මට හදිස්සි නෑ..... අනික මම් තාම දත් මදිනවා....
.
.
.
.
.
.
.
.
.පීහූවටත් බැන බැනම මම ගියේ bathroom එක පැත්තට,
අද කාලගුණයක් කොච්චර නරකද කිව්වොත් ඊයේ හවස ගිය කරන්ට් එකත් තාම නැහැ,
Bathroom එක පැත්ත බලන්න බෑ කරුවල....
දොර ලගටම වෙලා ඇතුලට නොගිහින් බලන් හිටපු මට දැනුනෙ කවුරුම හරි මගෙ පිටිපස්සෙන් එන අඩි ශබ්දයක්...
🎃▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️🎃
හායීම්.... 😁
ඒ කවුද පිටිපස්සෙන් ආවේ 😰
ඊලග එකේ.... 🙂
මගේ වචන වල මොකක් හරි අවුලක් තියනවද 🙄
හොදම යාලුවෝ එකතු උනාම ඕවා සාමාන්‍ය හින්දා, කතාව දැනෙන විදිහට ලියන්න ඕන කියල හිතුන හින්දා තමයි මම ඒවා දැම්මේ ඉතිම් ,
ඒවා අවුල් වගේනම් මට කියන්න හයිද 😍🙂😍
අද මේක boring නේද ලමයි🙂,
ඊලග එකේ මම වෙනස් වෙන්න බලන්නම්🙂,
කතාවත් එක්කම ඉන්න කියල ඉල්ලනෝ ඉතිම්😍,
අඩුපාඩු ටික, වැරදි...., තියනෝනම් අනිවාරයෙන්ම කියන්න හරිද, ඒක ලොකුම ලොකු උදව්වක්😚😚☺️...
❤️❤️❤️❤️❤️❤️
________________________________▶️🎃
YOU ARE READING
- HUNTING SOULS - / completed ✅/
Horror________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අනුව මේ වෙලාවේ නොදැකිය යුතුම දෙයක් ඊයේ මුලු රෑම මූසල විදිහට දොර ලග උඩබුරලපු බලුතඩියා ගේ ඉස්සරහම ගහේ...