Chapter 06 💀🕯️

417 91 37
                                    

එයා තාම ගේ ඇතුලෙ...

මාව මරයි...

නැගිටින්න පීහූ...

කොච්චර කතා කලත් පීහූ නැගිට්ටෙ නෑ.

පීහූ ලගටම වෙලා මම බලන් හිටියෙ දැන් මොනවා වෙයිද කියල බය පිරුණු කුතුහලයකින්....

---------------------------------------------------

.
.
.
.
ර්‍.
.

මොහොතකින් පුටුව උඩ තිබුන මගේ පෝන් එක රින්ග් උනේ අසාමාන්‍ය විදිහට.....

පී.... හූ.... පී පී පී... හූ අම්.... අම්මා වෙන්නැති පීහූ කෝල්...

නැගිටින්න.....

මගේ ඇගට බර වෙලා සද්දයක්වත් නැතුව හිටපු පීහූව මම බිත්තියට හේත්තු කරලා දුවගෙන ගිය පෝන් එක ලගට

හලෝ නැන්දේ ඉක්මනට එ එ එන්න පි පි පීහූ කතා කරන්නෙ නෑ ඉක්මනට එන්න.....

ඒත් එක්කම මට පෝන් එක ඇතුලෙන් ඇහුනෙ වියරු වැටුන හිනාවක්,

ඒ හිනාව ඇඩීමකට පෙරලෙන්න ගියෙ මිනිත්තුවයි.....

මගේ මුලු ඇගේම හිරිගඩු පිපුනේ ඒ සද්දෙට කිසිම දෙයක් හිතා ගන්න බැරුව මනෝවිකාරෙන් වගේ මම පෝන් එක පොලේ ගැහුවෙ ඒක කෑලී කෑලී වලට කැඩිලම යන්න.....

ඒත් එක්කම මට දැනුනෙ සීතලම සීතල අතක් වගේ එකකින් මගේ කකුල හිර වෙන්න අල්ලගෙන ඉන්නවා වගේ,

මට ඇඩුනා...

මම පීහූ කියල හයියෙන් කෑ ගැහූවා

Pihu Help me.... !

Help me...!

කොච්චර හයියෙන් මම කෑගැහුවත් මගේ කටහඩට පීහූ නැගිට්ටෙ නෑ ඒ වගේම අපේ ගෙදර ලග කිසිම ගෙදරකට මගේ කෑගැහිල්ල ඇහුනෙත් නෑ....

මාව කකුලෙන් ඔලුව පහලට හිටින්න ඉස්සුවා....

ඉස්සුවා කිව්වට ඒක හරියටම හොල්මන් film එකක වෙනවා වගේමයි

කවුරුත් නෑ....

කිසිම කෙනෙක් නෑ....

මම පාවෙනවද ?

නෑ.....

නෑ නෑ කවුරු හරි මගේ කකුල දැඩිව අල්ලගෙන.....

ඒත් එක්කම කකුලෙන් ලේ පහලට වැටෙන්න ගත්තෙ අධික වේදනාවක් ද එක්කමයි.....

- HUNTING SOULS -   / completed ✅/Where stories live. Discover now