වාහනේ එක පාරටම බ්‍රේක් කරපු නිසා අබිමානගෙ නම් ඔලුව ඉස්සරහ වැදුනා ඒත් ඩ්‍රයිවර් අන්කල්ට ටිකක් තුවාලයි ......
මොකක්.....!
කවුද ඒ.....අපි දැක්කෙ මීදුම අතරින් ගෑනු කෙනෙක්. මට වැඩි වෙලා ගියෙ නෑ ඒ කවුද කියල අදුන ගන්න.
මගෙ ඉෂුවා....
මම වාහනේ දොර ඇරගෙන එලියට පැනල දිව්වෙ ඒ ඉන්නෙ මගෙ ඉෂුවමයි කියල දන්න හින්දා
ඉෂූ....
මම ගිහින් බදා ගත්තා. එයා හොදටම සීතල වෙලා. මගෙත් එක්කම වගේ වාහනෙන් බැහැල ආව අභිමන් එයාගෙ ජැකට් එක ඉෂූගෙ උරහිස වටේ දැම්මෙ ඒත් එක්කමයි
මේ මොන දේ උනත් ඉෂූ හෙලවෙන්නෙවත් නෑ. මට සැක හිතුනා. මම ලගට ගිහින් ඉෂූගෙ අතකින් අල්ල ගෙන එන්න යන්න කිව්වත් පුදුමයක් ඉෂූ හෙලවෙන්නෙවත් නෑ.....
ඉෂූ.... එන්න යන්න.....
එන්න ඉතින්....
ඒත් එක්කම ආශි වතුර බොතලේ අරගෙන ඇවිත් මූණ පුරා තිබුන එයාගෙ කොන්ඩෙ අයින් කරලා ඒකෙන් ටිකක් ඉෂූගෙ මූණට ඉස්සා
ඉෂූ - :....
මං කොහෙ......
පීහූ.....
එයා මාව බදාගත්තා.
ඔ... ඔ... ඔයාට මො....
මම අහන්න ගියෙ ඉෂූ ඔයාට මොනවද උනේ කියල ඒත් අබිමන් මාව නැවැත්තුවා. මේක හරිම ලොකු පුදුමයක් කරුවල වැටුනම තනියම bathroom යන්නත් බය මගෙ ඉෂුවා රෑ 9.00 වෙන්නත් ලගට ම තියෙද්දි මේ පාලු පාරේ මොනවා කරන්නවද කියල. අපි ඔක්කොම ආපහු ගිහින් වාහනේට නැග්ගෙ විසදුමක් නැති ප්‍රශ්න කෝටියක් එක්ක.....
YOU ARE READING
- HUNTING SOULS - / completed ✅/
Terror________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අනුව මේ වෙලාවේ නොදැකිය යුතුම දෙයක් ඊයේ මුලු රෑම මූසල විදිහට දොර ලග උඩබුරලපු බලුතඩියා ගේ ඉස්සරහම ගහේ...