රූස්රත්ට සිහිය ආවෙ ඊලඟ දවසෙ හවස...රූස්රත්ගෙ මමා එක්ක මාත් උදේ පාන්දරම ආව නිසා ශෝන් ගියේ හදිසි වැඩ ගොඩක් තියනවා කියලා..රූස්ට සිහිය එනකන් මං මමා එක්ක එලියෙ හිටියෙ...මමා මාව බලෙන්ම එක්කන් ගිහින් කෑම අරන් දුන්නා....
ශෝන් ගෙ මමා එයාගෙ දුව ICU එකේ ඉද්දිත් මේ තරම් ශක්තිමත්ව ඉන්නෙ කොහොමද කියලා මට හිතා ගන්න බැහැ...එයා ගෙ මූන ඉදිමිලා කියලා මට දැක්ක ගමන් තේරුනා,ඇසුත් ඉදිමිලා තියෙන්නෙ අඬපු නිසා වෙන්න ඕන කියලත් මට හිතුනා.....ඒත් මං බඩගින්නෙ කියල ශෝන් කියපු ගමන්ම මමා මාව ඇදන් ගිහින් කෑම අරන් දීලා කනකන්ම ලඟට වෙලා හිටියා....නැත්තන් මං කන්නෙ නැ කියලා එයා දන්නවා...
කෑම කාලා ආයෙ අපි ICU එක ඉස්සරහට ආවම මමා ගිහින් ඒකෙ කවුලුවෙන් ඇතුල බැලුවා...ටිකක් බලන් ඉඳලා ආයෙ පුටුවෙන් ගිහින් වාඩි වුනා ඇස් වල කඳුලුත් පුරවන්.....
මං එයා ලඟින් ඉඳගෙන එයාගෙ අතින් අල්ලගෙන මගෙ උරහිසට හේත්තු කර ගත්තා...ඇස් වල හිර කරන් හිටපු කඳුලු මමා එලියට දැම්මෙ ඒ වෙලාවෙ..එයා ගොඩක් ඇඬුවා...මමා රූස්රත්ව දකින්නෙ අවුරුදු හතරකට පස්සෙ...ඒ දකින්නෙත් ICU එකක් ඇතුලෙ ජීවිත් වෙයිද නැද්ද කියල අවිශ්වාස හිතෙන තත්වෙකින්...ශෝන් කිව්ව විදියට රූසිට බුලට්ස් දෙකක් වැදිලා..එකක් බඩට වැදිලා...අනික උරහිසේ වැදීගෙන ගිහිල්ලා...එයාට ගොඩක් රිදෙන්න ඇති...එයා දරා ගත්තෙ කොහොමද කියන එක මට තේරෙන් නැ...ශෝන් අර වෙලාවෙ,රූසි මං වගේ නැ කිව්ව හේතුවත් මට දැන් තේරෙන්න අරන්...එතන හිටියෙ ඒ මම වුනා නම් කීයටවත් බුලට්ස් දෙකක් දරා ගන්න එකක් නෑ.මං ඒ තරම් ශක්තිමත් නෑ...
ඩොක්ට ඇවිත් රූස්රත්ට සිහිය ආවා එයාව නෝමල් රූම් එකකට දාන්න හදන්නෙ කියනකන්ම මමා ඇඬුවා.....
අපි දෙන්නා රූස්රත් ඉස්සරහ අඬන් නැතුව ඉමු කියලා කතා වෙලා,රූස්රත් ව බලන්න එයාගෙ රූම් එක ඇතුලට යද්දි එයා සිවිලිම දිහා බලන් කල්පනාවක....අපි එද්දිම මූන හරවලා අපි දිහා බැලුවා...
මං ඒ මූණ හරියටම දැක්කෙ දැන්...දුඹුරු පාටට හුරු ,අවුල් වුන කොට කොන්ඩෙ නිසාද මන්දා ඒ මූනෙ තිබුනෙ දඟකාර පොඩි කොල්ලෙක්ගෙ පෙනුමක්...ලොකු විඩාබර බවකින් අපි දිහා බලලා අහිංසකම විදියට හිනා වෙද්දි හයිය කරන් තිබ්බ හිත දිය වෙලා මගේ ඇස් වල කඳුලු පිරුනා ක්ෂනිකවම...ඇස් පිය ගැහුවත් කඳුලු පහලට ගලන නිසා මං අනිත් පැත්ත හැරුනා මමාව රූස් ගාවට තල්ලු කරලා...
YOU ARE READING
🍁Still Alone 🍁[Completed]✓✓
Actionලස්සනම හැඟීමක අයිතිය දීපු උඹත් හරියට, ක්ෂීරපථයෙන් එහා ලෝකෙක, ඈත පිලිලා තියන, ඩේසි මලක් වගේ... ලං කර ගන්න මොන තරම් ආස වුණත්, ටිකෙන් ටික ඈත යන..... -Rusrat Rawdhan- ( From; all about Her life...) . . . . . . . ...