"තමුසෙ මගෙ ඩයරිය බැලුවද...?"මාව තදට බදාගෙන අඬනවා ඇරෙන්න ශෝන් කතා කරන්නෙම නැ...බැරිම තැන මං එයාව එහාට තල්ලු කරලා දාලා ඇඳෙන් නැගිට්ටා..එයා වැටුන තැන බිම වාඩි වෙලා අඬ අඬම මං දිහා බැලුවා...
"තමුසෙ අපිව දාලා යනවා...ඒකත් මට නොකියම..."
"ඇයි අපිට මෙහෙම කරන්නෙ...මායි මමායි ඩැඩායි තනියම මෙහෙ දාලා යන්න තරම් අපි තමුසෙට මොකක්ද කරේ බබී...?"
අන්තිමේ කඳුලු පිහිදගෙන කලකිරීමෙන් මං දිහා බලලා ශෝන් එක දිගට අහගෙන ගියා....මං සැනසුම් සුසුමක් හෙලුවා....එයා ඒක විතරයි දැනගෙන තියෙන්නෙ....ඒ වුනත් එයා අහන ප්රශ්න වලට මං මුකුත් නොකිය නිහඬව බිම බලන් හිටියා...
"බබී..."
"....."
"බබී..."
ශෝන් සද්දෙට කෑ ගැහුවා
"...හ්ම්..."
මං යන්තමට ඔලුව උස්සල බලල ලාවට හිනා වුනා...
"මං ඉක්මනට එන්නම් ශෝන්....එතකන් මමායි ඩැඩායි එක්ක පරිස්සමින් ඉන්න ඔයා...."
"තමුසෙ කොහොමද ඕයි ඔහොම කියන්නෙ...තමුසෙට දුක හිතෙන් නැද්ද?...තමුසෙට මොකද්ද අපිට වඩා ලොකු වුනේ රූස්රත්....තමුසෙ කොහොමද අපිව දාලා යන්න හිතුවෙවත්...තමුසෙට හැඟීමක්වත් නැද්ද අපි ගැන.."
"සොරි"
ඕනවටත් වඩා එයාලා ගැන හැඟීම් තියන නිසයි යන්නෙ කියලා කියා ගන්න බැරුව හිත ඇතුලෙන් ලතැවී ලතැවී මං ඔලුව පහලට හරවන් ඇස් බිමටම අලවන් අහගෙන හිටියා...ශෝන්ට දුක ඇති...එයාට තරහ ඇති මං එක්ක....එයා කෑ ගහන්නෙ ඒකයි...ඒත් එයාගෙ වචන මට රිද්දන තරම් එයා දන්නවා නම්....මං මුකුත් නොකිය අඬන්නෙත් නැතුව ඉද්දි එයා ටිකක් වෙලා මං දිහා බලන් හිටියා..
"බබී...තමුසෙ"
මගෙ මූන ලඟටම ඇවිත් ඇඟිල්ල දික් කරලා දත් මිටි කාගෙන එහෙම කියලා ආයෙ එහාට ගිහින් දොර ලඟ නැවතුනා...
"යනවා..."
එච්චරක් කියලා එයා යන්න ගියා....මං දොර වහලා ඇඳෙන් ගුලි වුනා...මගෙ හිත ඇතුලෙන් මං ගොඩක් දේවල් හිතුවා....මට හිතුනා හැමදේම කියල දාන්න කෙනෙක් හිටියා නම් කියලා...ඒත් එහෙම කෙනෙක් මට නෑ...කරුමෙට වගේ අඬන්න ඕන වුනත් ලොකුවට ඇඬෙන්නෙත් නෑ....ඉස්සර ඉඳලම මං අඬන්න අකමැති අඬන්නෙ නැති චරිතයක් නිසාද මන්දා,දැනෙන එකම දේ සැර ඔලුවෙ කැක්කුමක්....එහෙමම ආයෙ මට නින්ද ගියා....
______________________________________________
YOU ARE READING
🍁Still Alone 🍁[Completed]✓✓
Actionලස්සනම හැඟීමක අයිතිය දීපු උඹත් හරියට, ක්ෂීරපථයෙන් එහා ලෝකෙක, ඈත පිලිලා තියන, ඩේසි මලක් වගේ... ලං කර ගන්න මොන තරම් ආස වුණත්, ටිකෙන් ටික ඈත යන..... -Rusrat Rawdhan- ( From; all about Her life...) . . . . . . . ...