"රූස් අපි ඇවිදින්න යමුද..?"
"කොහෙද "
"නිකන් එලියෙ ලස්සන තැන් තියනවා මෙහෙ..."
හේස් ගෙයි රූස්රත්ගෙයි කතාබහට බාධා වුනේ ගෙදර දොරට තට්ටු කරන හඬක් ඇහුන නිසයි..
"කවුද මේ වෙලාවෙ,රූස් ඇතුලටම වෙලා ඉන්න..මං බලලා එන්නම්..."
හේසල් ගිහින් දොර අරිද්දිම එලියෙ හිටපු පුද්ගලයා දැකලා හේසල්ගෙ කටත් බාගෙට ඇරුනා...ශෝන්
"කොහෙද මගෙ බබී කියනවා..."
"යා ශෝන් කලබල කරන්නෙපා,මං ඔයාට හැමදේම පැහැදිලි කරන්නම්...යමු එළියට..."
"ඇයි මට එයාව බලන්න ඕන..."
"හරි බලන්න කලින් ඔයා දැනගන්න දේවල් ටිකක් තියනවා...එලියෙ බෙන්ච් එක උඩින් වාඩි වෙලා ඉන්න මං එන්නම්..."
ශෝන් යමක් කියන්නත් කලින්ම දොර වහලා දාපු හේසල් ගිහින් රූස්රත්ගෙ රිපෝට් අරගෙන ආවා...ශෝන් කලබල වුනාට,එයා දෙයක් කියල පැහැදිලි කරන්න බැරි තරම් කේන්ති කාරයෙක් නෙවෙයි කියලා හේසල් දන්නවා..
"මේ මොනවද.."
"මේ රූස්රත් ගෙ රිපෝට්ස්..."
"ඇ ඇයි අපෙ බබීට මොකද වුනේ.."
"බොරුවට කෑ ගහන් නැතුව මං කියනකන් ඉන්නවා ශෝන්..."
හේසල් නිව්ට් ගෙ කෝල් එකේ ඉඳල ශෝන් දොරට තට්ටු කරපු තැන වෙනකන් හැමදේම පැහැදිලි කලේ රූස්රත්ගෙ අසනීප තත්වෙ ත් එක්කමයි...
"දැන් තේරෙනවනෙ ශෝන්...අපිට එයාගෙ මානසික තත්වෙ හොඳ අතට හරව ගන්න වෙනවා...නැත්තන් එයා ජීවිතේ නැති කරගන්න වුනත් පෙලඹෙන්න පුලුවන්...."
"අපි මොකක්ද මේකට කරන්නෙ හේස්...? මට පිස්සු වගේ"
"එයා කැමති නැ එයා ඉන්න තැන ගැන කවුරුවත්ම දැන ගන්නවට...අඩුම ගානෙ එයාට සනීප වෙනකන් අපි එයාට මෙහෙම නිදහසේ ඉන්න දෙමු..."
"අඩුම ගානෙ එයා ඉන්නවා කියලවත් මං දන්නවනෙ ඒඇති...."
"ඔව් එයා හොඳින් ඉන්නවා කියල විතරක් කියන්න...ඒ ඇති...එයා සම්පූර්ණයෙන්ම සනීප වුනාම මංම එයාව එක්කන් එන්නම්..."
______________________________________________
YOU ARE READING
🍁Still Alone 🍁[Completed]✓✓
Actionලස්සනම හැඟීමක අයිතිය දීපු උඹත් හරියට, ක්ෂීරපථයෙන් එහා ලෝකෙක, ඈත පිලිලා තියන, ඩේසි මලක් වගේ... ලං කර ගන්න මොන තරම් ආස වුණත්, ටිකෙන් ටික ඈත යන..... -Rusrat Rawdhan- ( From; all about Her life...) . . . . . . . ...