"කවුරු හරි එයාට කරදර කරන්න හදලා...""මොකක්..."
"ඔව්,එයාට කරදර කරන්න හදලා තියෙනවා....මං එයාගෙ තුවාල වලට බෙහෙත් කරා...එයා දවස් තුනකින් කාලත් නැති නිසා ඇඟ ගොඩක් දුර්වලයි ..මං සේලයින් එකක් දුන්නා...උදේට සුප් එකක් දෙන්න..."
එහෙම කියලා සෙලී එයාගෙ බෑග් එක අතට ගත්තා...
"ඉන්න මං කැම ඕඩර් කලා ඔයාලටත් එක්ක.."
සෙලී ආයෙ හිටපු තැනින්ම වාඩි වුනාම ශෝන් මගේ දිහාවට හැරුනා.....
"බබී දැන් මොකද කරන්නෙ සේහි ගැන...?"
"එයා සනීප වෙනකන් මං ලඟ තියා ගන්නවා...ඊට පස්සෙ කරන දෙයක් හිතමු.."
ඒ වෙලාවෙ කෑම ආව නිසා අපි කන්න පටන්ගත්තා...කාලා ඉවර වෙලා සෙලීයි,ශෝනුයි ගියාම මං වොශ් එකක් දාන් පහල ගෙස්ට් රූම් එකෙන් නිදා ගත්තෙ මගෙ රූම් එකේ ඉන්න සේහි ට බාධාවක් නොවෙන්න දොරවල් ඔක්කොමත් වැහුවට පස්සෙ....
ඇඳට වෙලා හිටියට නින්ද හරි දුරයි වගේ.මං උඩ අතට හැරිලා බලන් හිටියා කොච්චර කරත් නින්ද යන්නෙම නැති නිසා මං නැගිටලා උඩ තට්ටුවෙ මගේ රූම් එකට ආවා....ඒන්ජල් නිදි....එයාගෙ දිග රැලි කොන්ඩෙ ඇඳෙන් බිමට වැටිලා මං ඒ කොන්ඩෙ ඇඳ උඩින් තියලා හදලා එතනම බිමින් වාඩි වුනා....නයිට් ස්ටෑන්ඩ් එකේ ලා එලිය බිත්ති වලට වැටිලා එකේක රටා මවලා...මං ඒ දිහා බලන් හිටියා...මටත් නොතේරෙන තරමට මගේ හිත සන්සුන්....
එහෙමම ටිකක් ඉද්දි මගෙ පිටිපස්සෙන් ඇහුන හීන් කෙඳිරිය එක පාරම විලාපයක් වුනා...එක පාරටම වුන දෙයින් මගෙත් හිත ගැසසෙද්දි මං ඉක්මනට නැගිටලා ලයිට්ස් ඕන් කලා....
ඒන්ජල් නැගිටලා ඇස් වල කඳුලු ත් පුරවන් මං දිහා බලන් ඉන්නවා දැක්කම පපුවෙ කොටසක් හෑරිලා යන හැඟීමක් මට දැනුනා...
"ඒන්ජල් මං ඔයාව බය කලාද...?"
එයා නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..
"හීනයක්ද...?"
එයා එහෙම ඉඳන්ම ඔලුව වැනුවා..මං එයාගෙ නළලට අත තියලා බැලුවම කලින් වගේ රස්නයක් දැනුනෙ නෑ...ක්ශනිකව හිතට ආපු හැඟීමක් නිසා මං එයාගෙ ඇස් දිහා බලන්ම ඔලුව අතගෑවා...
YOU ARE READING
🍁Still Alone 🍁[Completed]✓✓
Non-Fiction🍁story of her life line...🍁 . . . . . . . . . _මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_ 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫