ගෝලාකාර වූ ලෝකයේ
අප ගෙවන්නා වූ
ජීවිතය පුදුමාකාරයි...විටෙක පැණිරසත්
විටෙක නීරසත්
කැටි වූ එය...
විටෙක රස විදින්නටවත්
නොසිතෙන තරම්...සතුට ගෙනෙනා දෙයම
දිනෙක හද කකියවන විට
ජීවත් වී කුමකටදැයි
අප හටම සිතවයි...පණ ගැහෙන හදවතේ
රිද්මයට අනුගතව
ගෙවන්නට ජීවිතය
සිදුව ඇත අප සැමටඑයයි අප ලැබූ ඒ
උරුමයත් හිමිකමත්
සොබාදම් මවු විසින්
දායාද කර දුන්...ගෙවන්නෙමි මේ දිවිය
හදවත ගැහෙන තුරු...
නික්ම යන්නට සුදුසු කාලය
පැමිණි විට සමුගෙන
යා යුතුය අතහැර
සියලු දේ අප ඇලුම් කළ...
- fangirleuphoria -
YOU ARE READING
සිතෙහි වූ නිදහස ... මැවූ ඒ නිසදැස
Poetryමගේ හිතේ මැවුණු අදහස් ටිකක් තමයි මේ විදියට වචන වලට පෙරලෙන්නේ... මං හිතන්නෑ මට නිසදැස් ලියන්න පුළුවන් කියලා... ඒත් මේ ලෝකේ හැමෝටම නිදහසේ අදහස් ප්රකාශ කරන්න අයිතියක් තියන නිසා මං මේ වගේ දෙයක් කරන්න හිතුවා... දන්නෙ නෑ ඔයාලා කැමති වෙයිද කියලා ... 🥺💜...