එදා...
අධ්‍යාපනය යනු ,
එක් දෙයක් පමණක්ම විය...
කෙළිලොල් දඟකාරකම්වලට,
කිරිකැටි සිනහවන්ට
ඇති තරම් නිදහසත්,
ඉඩහසරත් තිබුනි
මේ පුංචි මනසට...සතුටින් උගනමින්
විනෝදයෙන් කල් ගෙවමින්
ගෙවූ ඒ ජීවිතය
සොඳුරු මතකයක් ලෙසින්
සිහිකළ හැකිය සැමදින...නමුත් අද...
අධ්‍යාපනය යනු,
හැමදෙයම වී ඇත.
ඔන්ලයින් යැයි කියා
අලුත් අත්දැකීමක්
අපේ ජීවිතයට ඇවිත්
අන් හැම දෙයකටම ඇති
ඉඩකඩ අහුරා ඇත !සිනහ වෙන්නටවත්
වෙහෙස වැඩි තරම්...
කෙළිලොල් කමකට නම්
ඉඩක් ඇත්තේම නැත...දිළිදු කිරිකැටි දරුවෙකුට
ඉගෙනීම අහුරා දමා,
පහසුකම් ඇති දරුවාව
මුළුමනින් තෙරපා දමයි...ආරම්භයේදී නම්
මේ ක්‍රමය හොඳ යැයි
සිතාගත්තා වුවද ,
එන්න එන්නම
ගෙල සිරකර දමන විට
හැඟෙන්නේ රකුසෙකු ලෙසයි...මේ මතකයන් නම්
අනාගතයේ කිසිදිනක
ආවර්ජනය කරන්නට
වුවමනාවක් නැත අපට ...කවදා නිම වේද ?
කවදා නම්
ඒ සොඳුරු කාලයට
යන්නට අපට හැකි වේද ...බලා සිටිනෙමු දෑස් දල්වා
නිමාවක් වන තුරා...
නැවත සිනාසිය හැකියැයි
යන අහිංසක බලාපොරොත්තුව
හදවත තුළ දල්වාගෙන...- fangirleuphoria -
YOU ARE READING
සිතෙහි වූ නිදහස ... මැවූ ඒ නිසදැස
Poetryමගේ හිතේ මැවුණු අදහස් ටිකක් තමයි මේ විදියට වචන වලට පෙරලෙන්නේ... මං හිතන්නෑ මට නිසදැස් ලියන්න පුළුවන් කියලා... ඒත් මේ ලෝකේ හැමෝටම නිදහසේ අදහස් ප්රකාශ කරන්න අයිතියක් තියන නිසා මං මේ වගේ දෙයක් කරන්න හිතුවා... දන්නෙ නෑ ඔයාලා කැමති වෙයිද කියලා ... 🥺💜...