දඟගෙයි ලූ සිතුවිලි...

34 5 0
                                    


සිතන්නට ඇති තරම්
නිදහසක් හිමි වුවද
නැත කිසිදු අදහසක්
මේ සිතට නැගෙන්නේ...

හදවත කතරක්ව
ඇති ලෙසකි හැගෙන්නේ
එකතරට දිය පොදක්
නැතිද හිමිවන්නේ...
අරුණෝදයේ අරුණළුත්
ඇයිද නොපෙනෙන්නේ
කෙළවරක් නැති ඝනදුරකි
මහට නම් පෙනෙන්නේ...


සිතුවිලි පුබුදුවන්නට
නොහැකි ඇයිදැයි කියා
වටහා ගතිමි දැන් මෙමා...


නිදහසක් තිබුණද
සීමිතය එය මන්ද
බිත්ති සතරක් තුළය
සිරව ඇත්තේ අද මෙමා...


ඒ ලෙසින් පුංචි සිත
කොටුව ඇත දඟගෙයක...



-fangirleuphoria -

සිතෙහි වූ නිදහස ... මැවූ ඒ නිසදැසWhere stories live. Discover now