මොහොතකට හමුවුණි ඒ ඇස් ❤පලමු හමුව 3 💜️

72 11 31
                                    

ජේ කියන්නේ..

එයා දිහා බැලුවම මට ඇත්තටම හිතුනේ එයා ගොඩක් හැන්ඩ්සම් නේද කියලා ෆොටෝස් ගොඩක් තිබ්බා එයාගේ..

ආ..ආඅ කවුරු දිහාද මේ බලන් ඉන්නෙ ආ 😌 ඒ මෝමෝ.

"වෙන කවුද ඉතින් ඔයාගෙ ජේ දිහා"🤣මම ඒක කිව්වෙ මොමෝව ටිකක් අව්ස්සන්න හිතාගෙන.ඒත් ඒකි කිව්වෙ මහ විකාර කතාවක්.

"හනෙ එයා දැන් ඔයාගෙනේ"! කියලා ඇද උඩ තිබ්බ කොට්ටෙකින් මට දමලා ගැහුවා 😪😂

ඔව් ඒ මෝඩි මගෙ කාමරේට රිංගගෙන හිටියේ.

"හනෙ මේ විකාර නොකියා යනවකෝ ඔයී කාමරේට.මන් නිදි" මන් එහෙම කියලා ඔලුවෙ ඉදන් රෙද්ද පොරවන් නිදාගත්තා.

මෝමෝ මට පයින් එකක් ගහලා ගියා එයාගෙ කාමරේට.වෙනදට මේ වෙලාවට නම් අපි දෙන්න ඉන්න අපාට්මන්ට් එක සද්දයක් ඇත්තෙම නෑ හොදටම දොයිනෙ අපි දෙන්නා 🤭 බට් අද ජන්ග් ආන්ටිගේ සද්දේ එයා මොන මොනවද හයියෙන් කියෝනවා.මන් හිතන්නෙ ඒ මැන්ඩරින් වෙන්නොනි( chinese language ) මන් දන්නැති උනාට මට අදුරගන්න පුළුවන් උනා මට c drama පිස්සුවත් හොදටම තිබ්බ නිසා.😌

"ලමායි නැගිටින්න ලමයි ලමාආආආආආඅ..........යී" උඩ ගිහින් මම ඇහැරුනෙ වෙනදට ඒ සද්දෙ පුරුදු නැති නිසා.ඒ ජන්ග් ආන්ටි 😣

මම මූනත් සෝදගෙන අද මන් ජ්‍රොජෙක්ට් එක කරන ලමා නිවාසෙට යන්න ඔනී හින්දා ඉක්මන්ට breakfast එක ගත්තා.මන් breakfast එක අරන් ඉවර වෙනකොටම මෝමෝත් ආවා.එයා නම් ඩයට් කරනවා කියලා ජන්ග් ආන්ටි හදලා තිබ්බ කෑම එක කන්න බෑ යන ගමන් කඩේකින් කනවා කියලා ජන්ග් ආන්ටිගෙන් බොහොම අමාරුවෙන් ගැලවුණා.මරු ඩයට් කෙරිලි ඒවා 🤣 මන් දන්නැතෑ ඕකිට මොන ඩයට්ද breakfast meal එකට ඒකි ආස නැති නිසා.මට නන් ඕනෙ එකක්.

මොමෝට තිබ්බෙ වෙන තැනක්.එයා එහෙට ගියා.මාත් බස් එකෙ නැගලා ගියා මගෙ සුපුරුදු ඩේ කෙයා එකට. ටැක්සි එකෙ යනවට වඩා බස් එකෙ යන එක හොද යි කියලා මට හිතුනේ ටැක්සි සිද්ධියෙන් පස්සෙ 🤣 ඇයි යකෝ ආයෙ මොකෙක් හරි නැග්ගොත් මට ඌටත් ගෙවන්න වෙනවනෙ.

මන් කෝමහරි ඩේ කෙයා එක ලගින් බැස්සා.මෙහෙයි අපෙ ජ්‍රොජෙක්ට් එක මන් ඔයාලට විස්තර කරන්නම්..ඒක මෙහෙමයි අපි පොඩි බබාලා ගැන අධ්‍යනය කරලා එයාලා එක්ක ඉදලා එයාලා ගැන වාර්තා කරන්නයි තියෙන්නෙ ඒ කියන්නෙ හරියට එයාලගෙ මෙන්ටල් හෙල්ත් එකට උදව් කරනවා වගේ.මේ මන් කරන ප්‍රොජෙක්ට් එකේ ඩේ කෙයා වල විශේෂයක් තිබ්බා.ඒකෙ ඉන්න බබාලා ඕනවට වඩා ක්‍රියාශීලි වැඩී.එහෙම නැත්තන් කිසිම ප්‍රතිචාරයක් නෑ.අන්න එහෙම අය.enhwa එක (මන් කිව්වේ uni eka) මෙහෙම දේවල් කරන්නෙ එයාලගේ හොද නාමය පවත්වාගෙන යන්න වගේම ඒ ලමයින්ට උදව් කරන්න.එයාලා අපිව ගන්න තිබ්බ ඉන්ටවිව් වලින්ම ඉතින් හිතාගන්න පුලුවන් එයාලා මේ ළමයි ගැන කොච්වර වොරි වෙනවද කියන එක.

ETERNAL SOUL 💏Where stories live. Discover now