ජීවිතයේ ලොකුම විහිළුව, ආලයයි. මෙම විහිළුව දික් ගැස්සුණහොත් විවාහයෙන් ඇස් රතු වෙයි. කාමය නැමති අවලමි ශාරීරික අවශ්‍යතාවයේ චෛතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබ ආදරය නැමති කෑදරකමින් මත් වී, ප්‍රේමය නැමැති සෙම දානයෙන් විඩාවට පත්ව ආලය නැමති සෙවලංකෘත මනෝරාජ්‍යයේ කිරුළ පතා විවාහය නැමැති මුලුතැන්ගේ සදාකාලික ලෙස හැලි වළං සේදීමට මම ද සුදානම් වීම්
. මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගණනාවක්ම ප්‍රේම කෙළෙමි. එහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු නොකිරීමට ඈ අන් අයකු හා විවාහ වූවාය.
පාසල් ශිෂ්‍යාවන් ගණනාවකට මම ප්‍රේම කෙළෙමි. එහෙත් වර්ෂය මුලදී පොත් පත් හා ලිපි ද්‍රව්‍ය ආදිය මාගෙන් ලබා ගැනීමෙන් පසු ඔවුන් මා අමතක කලේ ඉගෙනීම ගැන පමණක් හිත යෙදවීමටය.
"චන්ද්‍ර, ජීවිතේ ඉස්සරෝම මං ආදරේ කළේ ඔයාට -" යයි රූපා දහස් වරක් මා සමග කියා ඇතැත්, මා සමග එක් වීමට ඇයට තිබූ බාදාව නම් අයෙගේ සුවාමි පුරුෂයා සහ දරුවන් පස්දෙනාය.
බටනලාව වයන ගමෙන් හාදුවක් දීමට මා අපොහොසත් වු බැවින් නන්දා මා සමග අමනාප වූවාය.
එහෙත් චපා මා සමග තරහ වූයේ, සිගරට් එකක් තොල අග රදවා මා ඇයට හාදුවක් දුන් නිසාය.
දිනක්, බසයක මා ඉදිරියෙන් අසුනක සිටි සුරූපී කාන්තාවක් දැඩි මිත්‍රත්වයකින් යුතුව මා සමග සිනාසේනට වූවාය.
මෙයින් දැඩි අඩම්බරයකට පත්ව පහතට හිස හැරවු මට දක්නට ලැබුණේ මා ඇද උන් කලිසමේ වැදගත් තැනක් ඉරි තිබුන අන්දමය.
අනෝමා කුලුය. මා ඇයට "සුදු " කියා කතා නොකල නිසා ඈ මගෙන් වෙන් වූවාය.
මා කලිසම් කාරයෙකු බැවින් අනුලා මට පෙම් කලාය. එහෙත් නිදා ගැනීමට යන විට මා සරම ඇදගන්නා බවට කවිදෝ කී කේළමක් නිසා ඕ මා අත් අත් හැර දැම්මාය.
අමිතා ඇගේ මුළු හදවතම මට පිදීමට සුදානම් වූවාය. එහෙත් මා ශල්‍ය වෛද්‍යවරයෙකු නොවන හෙයින් ඇගේ ආදරය මට අහිමි විය.
"මගේ ආදරේ පිරිසිදුයි -" කියා අමරා පැවසුවාය. "නමුත් ඔයා අපිරිසිදුයි - මම කීවීමි.
මම නර්ස් නෝනා කෙනෙකුට ප්‍රේම කෙලෙමි. දිනක් ඉතා ආදරයෙන් මා ඇගේ අත ඇල්ලු කල, ඈ "ප්ලීස් ඩොක්ටර්, නොට් නවි!" යයි ඇය කීවාය.
මා සමග විවාහ වීමට ආශාකල චිත්‍රා මට නිතරම කීවේ දරුවේක නැත්නම් විවාහය සාර්ථක නැති බවය. එයට එකග වූ මම " අපි දරුවෙක් ඉන්නවාද බලල සාර්ථක විවාහයකට මුහුණ දෙමු!" යැයි යෝජනා කෙළෙමි. ඈ ඊට විරුද්ධ වූවාය.මට ඈ එපා විය. "වනඳු, ඔයා වෙනුවෙන් මගේ ජීවිතය වුනත් පුදන්න ලෑස්තියි." කියා දයා කීවාය. එහෙත්, "මළකදකට ප්‍රේම කරන මිනිමරුවේක වීමට මට බැහැ". කියා මම ඇයගෙන් ඈත් වූයෙමි.
අජන්තා සමග චිත්‍රපටියක් බැලීමට ගිය මා චිත්‍රපටි ශාලාවේදී චිත්‍රපටිය. දෙස බලා සිටි හෙයින් ඈ මා අප්‍රිය කලාය
අනේ චන්ද්‍ර මට මොකවත් එපා. මට ඔනේ ඔයා විතරයි!" කියා කුසුමා පැවසූ විට, මම වහාම මගේ සපත්තු කුට්ටමත්, මේස් කුට්ටමත්, බැනියමත්, කමිසයත් ගැලවීමි. ඈ වහාම මගේ අත් දෙකින් අල්ලාගෙන "එපා ආයෙ ගලවන්න. එපා මට ඔයා ඔනේ ඇඳුමුත් එක්කයි!" කියා මා නතර කලාය. මට ඈ එපා විය.
නීතා සමග මුහුදු වෙරලට ගිය මම මුහුදට පස්ස හරවා වාඩි වී ඇය සමග කතාවට වැටුනෙමි. ගසා ආ මුහුදු රල වැදී මගේ කලිසමේ පස්සා පැත්ත හොදටම තෙමුනි. "හරිම රසවත් සිද්ධියක් නේද!" කියා ඈ සිනාසෙන්නට වූවාය. " ඔව්, හැබැයි ලුණු රසයි '' කියා අතේ තිබුණු සගරාවෙන් පස්ස වසාගෙන මම ඇගෙන් වෙන් වූයෙමි.
"ආදරය පැණි රසයි!" කියා නාලිනී මට තුරුලු වූ නමුත් දියවැඩියාවට බියෙන්. මම ඇගේ ආදරය ප්‍රතික්ෂේප කෙළෙමි.
මා සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු ගුරුවරියක් මට එපා වූයේ, මා ඇයට යැවූ පෙමි ලිපියක් හරි වැරදි බලා රතු තින්නෙන් ලකුණු දමා ආපසු මට එවු නිසාය.
ටැලිපෝන් සේවිකාවක් මා සමග ප්‍රේමයෙන් වෙළී සිටිය නමුත් මා ඇයට කතා කල කිහිප වතාවකම ඇය උත්තර දුන්නේ, "සොරි. අයි ඈම් එන්ගේඩි"
කියාය. මම ඇය අත් හලේමි.ටයිප් ගසන්නියක සමග සම්බන්ධයක් පැවැත් වු මට ඇය එපා වුයේ, ඇය නිතරම මගේ ඇගට කොටන්නට වූ නිසාය.
දැන් කිසිම ප්‍රේම සම්බන්ධයක් නැතිව මා හුදකලාව කල්පනා කරමින් සිටින්නේ මගේ කුලුදුල් ආදරය පිදීමට සුදුසු කෙනෙකු ලැබෙන තෙක්ය.
.....................මතු සම්බන්දයි......................
![](https://img.wattpad.com/cover/281748709-288-k413155.jpg)
YOU ARE READING
Trouble (season 1) [✔ COMPLETE✔]
Short Storyමං තීරණය කරා පොඩිම පොඩි කතා එකට එකතු කරලා ff එකක් ලියන්න. ලියන්වා කිව්වට මේක උපුටා ගන්නා ලදී. short and sweet ඒවා ගොඩක්. ලස්සනද දන්නෑ... (මේවා උපුටා ගැනීමක් බව කරුණාවෙන් සළකන්න) කතා කියවලම බලන්නකෝ...😁 පිස්සුම පිස්සු කතා....... එක වෙලාවකට මට හිතෙනව...