මිහිරි ගී නාදයක් ඇසී මම මහත් බියට පත්විම්.වේලාව මධ්‍යම රාත්‍රි 12.39 ට පමණ ඇතැයි මම පට්ට කළුවරේම අනුමාන කළෙමි. වහාම ඇදෙන් බිමට පැන්න. මම කළුවරේම බිම අත ගා සරම සොයාගෙන ඇද ගත්තෙමි. ගී නාදය තවම ඇසේ. ගෙදර මා පමණි. ගුවන් විදුලි යන්ත්‍රයද නිවා දමා තිබුණි. මිහිරි ගී නාදයේ කරච්චලය ඇසෙන්නේ කුස්සිය දෙසින්ය. මම පිල දිගේම ගොස් ජනේලය තුලින් කුස්සිය ඇතුලට හොස්ස දික් කෙලෙමි. ආ - මා දුටු දර්ශනය!
කුස්සියේ පිගන් මේසය මත විශාල රුස්වීමකි. ලවුඩිස්පීකර් දෙකක් දුම් මැස්සේ දෙපැත්තේ සවි කර තිබුණි. පරණ පොල් කොළ සහ කොලපත් පට්ටා වලින් මුළු කුස්සියම සරසා වී පොතු ඉසීමෙන් ගොම පොළව පිරිසිදු කර තිබුණේය. මේසය මත ඇති මැටි කලගෙඩි දෙක මත පොල්මල් දෙකකි. දර මැස්ස උඩ ලී කෙලියක්ද, දුම් මැස්ස මත තිබූ වළං අතර පෙලපාලියක්ද, කහ මිරිස් ගල මත ගොඩ නගන ලද වේදිකාවක විවිධ ප්‍රසංගයක්ද, කොරහ ඇතුලේ මාරක ලිදේ බයිසිකල් පැදීමේ දර්ශනයක්ද, නෑබිලිය අනිත් පැත්තට හරවා එය තුල වට සිනමා දර්ශනයක්ද විය. විමතියට පත් මම කට ඇරගෙන මහත් ඕනෑකමින් බලා සිටියෙමි. මෙය මීයන්ගේ රුස්වීමකි, මීයගේ උත්සවයකි, මීයන්ගේ දිනයකි. මුළු කුස්සියම මීයන්ගෙන් අතුරු සිදුරු නැතුව පිරී තිබුණි. මේසය මත ගොඩ නගා තිබුණු වේදිකාවේ මුල් අසුනෙ තඩි මීයෙක් වාඩි වී සිටියේය.
"එක්සත් මී රැලිය"
යන්න . ලියන ලද පරණ රට බොඩියක් පටි දෙකෙන් දෙපැත්තට අල්ලා පොල් කටු හැදි දෙකකට ගැට ගසා ඒ ලගම සවිකර තිබුණි."හොර ප්‍රසා භංග වේවා" ,
"වල් බාවා බිම බාවා" -
"ජයගන්නට අපි ආවා"
"බළල් මොටා අපිට එපා"
සහ "බලල් මොලේ - මෙදා ඇලේ"යනුවෙන් සටන් පාඨ කියමින් දුමිමැස්සේ සිට පෙලපාලියෙන් ආ සමස්ථ ලංකා එක්සත් මියන්ගේ වෘතීය සමිතියේ සහෝදර වරු වේදිකාව වටා සිට ගත්හ. ගී නාදය අවසන් විය. අත් පොලසන් මාධ්‍යයේ නැගිට ගත් මහා තඩි මියා, ඉදිරියෙන් වු තේ පෙරණය කටට ලං කර, එයට ඇගිල්ලෙමි තට්ටු කර බලා. කතා කිරීමට පටන් ගත්තේය. කොස් ඇට මීයන් දෙදෙනෙකු විසින් එතුමාගේ වලිගය උස්සාගෙන සිටින ලදී.
YOU ARE READING
Trouble (season 1) [✔ COMPLETE✔]
Storie breviමං තීරණය කරා පොඩිම පොඩි කතා එකට එකතු කරලා ff එකක් ලියන්න. ලියන්වා කිව්වට මේක උපුටා ගන්නා ලදී. short and sweet ඒවා ගොඩක්. ලස්සනද දන්නෑ... (මේවා උපුටා ගැනීමක් බව කරුණාවෙන් සළකන්න) කතා කියවලම බලන්නකෝ...😁 පිස්සුම පිස්සු කතා....... එක වෙලාවකට මට හිතෙනව...