මෙය තරමක් පරණ කතාවක් බැවින් රුපියල් 10 ක් යනු වර්තමාන මුදලින් රුපියල් 1000ක් පමණ වන බව කරුණාවෙන් සලකන්න 😊
මා හදුනා ගැනීම ඔබට එතරම් අපහසුවක් නොවේ. නයිලෝන් සමිසයත්, බම්බු හැඩයෙන් යුත් විනිලෝන් දිග කලිසමත්, පොළොව හැරීමට තරම් උල්ව ඇති යැන්කි සපත්තු කුට්ටමත්, දකුණු අතේ වැළමිටට ළංව බැද ඇති අත් ඔරලෝසුවත්, ගිනිපෙට්ටි හිගය ද නොතකා කළුපාට වී ඇති හීන් උඩු රුවුලත්, පොල් තෙල් සහ වතුර මිශ්‍රණයෙන් ගොඩනංවා ඇති කොණ්ඩේ බම්ප් එකත් නිසා මා රක්ෂාවක් නැති රස්තියාදුකාර පරපුරට අයත් මදාවිකාරයකු බව බැලූ බැල්මටම ඔබට වටහා ගත හැක.
ඉදින් මා අඳුනා ගැනීමට යම් අපහසුවක් ඔබට ඇති වේතොත් ඇති වන්නේ, අවිව වැස්ස වෙනසක් නොතකා පාන්දර 6-15 සිට රාත්‍රී 9 -37 දක්වා මා පැලද සිටින~සන් ග්ලාස් එක නිසාය.
ඉංග්‍රීසි කියවීමට තරම් දැනුම මා හට නැතත්, නිතරම ඉංගීසි පොතක් අතේ තබා ගෙන සිටිමට තරම් ශක්තියක් මගේ වම් අතේ ඇගිලිවලට ඇත.
පණං හතරක් හම්බ කිරීමට පුලුවන් කමක් නැතත් මහා විද්‍යාඥයකු මෙන් ගාම්භීර ලෙස සිගරට් එක කටට ලංකර නහයෙන් දුම් ඇරීමට මම සමත් වෙමි.
යහලුවන් සමග හෝටලයකට ගොස් පැය ගණනක් කයිවාරු ගසමින් සිට වේටර්ට ශත විසි පහක් ටිප් එක වශයෙන් දීම මට සුළු දෙයකි. එහෙත් කුලියට පොල් කඩන අපේ තාත්තාටත්, පොල් අතු වියන අපේ අම්මාටත්, බීඩි ලේබල් අලවන අක්කාටත්, පිං පඩි ගන්න සියාටත් ශත විසි පහ කියන එක ලොකු දෙයකි. ගෙදර තත්වය සහ මගේ පෞද්ගලික තත්වය මෙසේ වෙතත්, වැදගත් ලොකු මිනිහෙකු මෙන් පෙනී සිටීමට මා උත්සාහය දරන්නේ කෙල්ලන් දැලේ දමා ගැනීම සදහාය.
මේ සදහා ඉහත සදහන පරිදි බස්වල නිතර නිතර ගමන් කිරීමත් බාලිකා විද්‍යාලයන් අසල ගැවසීමත් බස් නැවතුම් පොලවල රස්තියාදු වීමත්, පෙරහැර, සන්දර්ශන, උත්සව, සැනකෙලි සහ ප්‍රදර්ශන එකක් නෑර නැරබීමත් නොවරදවාම මාගෙන් සිදු වන්නේ, හුදෙක් කෙල්ලන් දෙස බලාසිටීමට සහ අවස්ථාව ඇති විට ඔවුන්ගේ ඇගේ හැප්පීමට මා තුල අති බලවත් ආශාව නිසාය. මේ නිසා අපේ නගරය පිලිබදව නගරාධිපතිටත් වැඩි දැනුමක් මට ඇත.

YOU ARE READING
Trouble (season 1) [✔ COMPLETE✔]
Historia Cortaමං තීරණය කරා පොඩිම පොඩි කතා එකට එකතු කරලා ff එකක් ලියන්න. ලියන්වා කිව්වට මේක උපුටා ගන්නා ලදී. short and sweet ඒවා ගොඩක්. ලස්සනද දන්නෑ... (මේවා උපුටා ගැනීමක් බව කරුණාවෙන් සළකන්න) කතා කියවලම බලන්නකෝ...😁 පිස්සුම පිස්සු කතා....... එක වෙලාවකට මට හිතෙනව...