chapter 6

517 85 8
                                    


(Pic: Hardin as a kid)

You've got me shaking from the way you're talking
My heart is breaking but there's no use crying
What a cyanide surprise you have left for my eyes
If I had common sense I'd cut myself or curl up and die!.....
.
.
.

ඒ සිද්ධිය වෙලා දැන් හරියටම දවස් දෙකක්... එදායින් පස්සෙ හාර්ඩින් ගැන කිසිම තොරතුරක් නැහැ. කොල්ලො දෙන්නම බලා ගත්තු අත බලන් ඉන්නවා. ඩෙමියන් හරියට ඉස්කෝලෙ උගන්නපු දේ වත් අහං හිටියෙ නැහැ.හිත දුවන්නේ හාර්ඩින්ගෙ තොල් දෙකට.ඒ සාගරේ තරම් ලස්සන නිල් ඇස් දෙක ළගට. හාර්ඩින්ට තරහ ගිය වෙලාවට ඒ ඇස් තද කළුවට හුරුයි. ඒත් එදා කොල්ලගෙ ඇස් ගොඩක් විඩාබර වෙලා තිබුණෙ. ලා නිල් පාටට.කොල්ලගෙ ඒ කදුළු පිරුණ ඇස් වල හිනාව දකින්න ඩෙමියන්ට ගොඩක් ඕන උනා.එයාල කොල්ලො.කොල්ලො ආදරේ කරන්න ඕන කෙල්ලන්ට. ඒත් ඒක නීතියක් විතරයි කොලේකට රාමු වුණ. ඒත් මේ ඔක්කොම ඉතිං තව සතියයි.ඊටපස්සෙ සැවියර්ටයි හාර්ඩින්ටයි එයාලට ගැලපෙන සහකාරියො නියම වෙයි. ඒකයි වෘකයො වෙලා ඉපදුන එයාලගෙ දෛවය. ඒ තිත්ත සත්‍යය. එයාල තුන්දෙනා ම ඇල්ෆලා.එයලගෙ දිහා හැමෝම බලන් ඉන්නේ ගොඩක් බලාපොරොත්තු ඇති ව.ඒකට තමංගෙ කැමැත්ත අකමැත්ත බලපාන්නෙ නැහැ.

ක්සැවියෙර් එදා ඩෙමියන් එක්ක කතා කරේ නැහැ. උපරිමයෙන් මගහැරියා. රටට පේන්න බොරුවට රණ්ඩු වෙන්න තරම් මානසිකත්වයකින් නෙවෙයි කොල්ල හිටියෙ.පන්තියෙ පිටිපස්සෙ ඉදං හිටිය කොල්ල ජනේලෙන් එලිය බලං තමංගෙ සිතුවිලි වල අතරමං උනා. කොල්ලගෙ බීටා රික් එයාටත් එක්කම නෝට්ස් ලිව්වා.එදා එතනදි එයාලට මොකක්ද ඒ උනේ? ඇයි ඇල්ෆා කෙනෙක් උන හාර්ඩින් එකපාරටම සිහි නැතුව කඩන් වැටුනෙ? ඇයි එයාගෙ පපුවටත් වේදනාවක් දැනුනෙ? ඇයි ඩෙමියන් හාර්ඩින්ව සිපගන්නකොට තමංගෙ පපුවෙ තිබුණ ඒ බර නැතිව ගියේ? ඇයි ඒ වෙලාවෙ එයාට සතුටක් ඇති උනේ....ඇයි එයා හාඩිනගෙ තොල් සිපගත්තෙ? ඇයි හාඩින්ගෙ හුස්ම තමංගෙ මූනෙ වැදුන පාරක් පාරක් ගානේ එයාව තමංගෙ කරගන්න ඕනැ උනේ...!
ඇයි වෙනදට එයා අද ඩෙමියන්ව මග හැරියෙ? සාමාන්‍යයෙන් ඩෙමියන්ව හොයාගෙන ගිහින් රණ්ඩු ඇදගත්ත තමංට අද මොනව වෙලාද? දැන් ඩෙමියන්ව දකිනකොට තමංගෙ පපුව වේගෙන් ගැහෙනවා. දැං නිතරම ඩෙමියන්ගෙ ඇස්වල සැවියර් අතරමං වෙනවා. ඒ මදිවට ඉබේම උගෙ ඇස් ඩෙමියන්ගෙ තොල් දෙක ළග නැවතෙනවා. කොල්ලට ඩෙමියන්ව ඕනද? ඒ තොල්වල රහ බලන්න ඕනෙ ද?...! ඒත් ඒ සිතුවිලි හරිම වැරදියි... එයා කොල්ලෙක්.හාර්ඩින් කොල්ලෙක්. ඩෙමියනුත් කොල්ලෙක්. එයාල කොල්ලො තුන්දෙනෙක්! ...
සම්බන්ධයක් ඇති වෙන්නෙ දෙන්නෙක් අතර තුන්දෙනෙක් අතර නෙවෙයි. ඒකත් ලිංග දෙකක් අතරෙ....
Did he not crave vaginas anymore?

Three Alpha Mates?  (B×B×B) [on hold]Where stories live. Discover now