CHAPTER 01

848 129 39
                                    

උදේ පාන්දර තද දුබුරු පාට school uniform එකට උඩින් කලු පාට හූඩියක් දාගත්තු කොල්ලෙක් හූඩියේ සාක්කුවකටත් එක අතක් දාගෙන අනික් අතින් සුදු පාට රෝස මල් පොකුරක් අරගෙන grave yard එකේ අදුරු පැත්තට ගියේ ඇහින් බේරෙන කදුලු ගැනද සැලකිල්ලක් දක්වන්නේ නැතුවයි... gate එක ගාව හිටපු වයසක මිනිහටත් හිනාවක් දාපු කොල්ලා ඇවිදගෙන ගිහින් දන ගහගත්තේ කොල වැටිලා තිබුන grave එක ගාවයි...

"ලිලීයා මාව අමතක කරලද? ආ... මාව මතක නැද්ද? අහ්... දන්නවද මෙතන රිදෙනවා... ගොඩක් රිදෙනවා..."

කොල්ලා බිම දනගහගෙනම කෑ ගහලා ඇඩුවේ තමන්ගේ පපුවට අතින් ගහගන්න ගමන්...

"මට බැන බැන මගේ ලගින් ඉන්න බැරි වුනාද මැනික... මාව දාලා ඈතකට ගියේ මන් ඔයාට ආදරේ කරපු නිසාද? මන් කලේ වැරැද්දක්ද? මගේ තියන අවාසනාවද ඔයාටත් බලපෑවේ..."

කොල්ලා ඇස් වලින් ගලන කදුලු පිහදාගන්න ගමන් කෑ ගහලා ප්‍රශ්න දාහක් ඇහුවත් අද කොල්ලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කෙනෙක් කොල්ලා ලග නෑ... කොල්ලා තනි වෙලා... කොල්ලගේ ලිලී මල... නැහැ... කොල්ලට අයිති නොවුන මැනික... කොල්ලව මේ ලෝකෙ තනි කරලා යන්න ගිය කොල්ලගේ ලිලී මල... එහෙමත් නැත්තම් Ga Yuri... සදහටම වැතිරිලා ඉන්න තැනටයි අද කොල්ලා ආවේ... හෙට කෙල්ලගේ birthday එක... ඒකයි කොල්ලා කෙල්ලව බලන්න ආවේ... නෑ... කොල්ලා කොහොමත් දවසට එක සැරයක් මෙතනට එන්න පුරුදු වෙලා හිටියා... කොටින්ම කියනවා නම් කොල්ලා තමන්ගේ දවසෙන් බාගයක් ගෙව්වේ සොහොනට වෙලා කෙල්ලගේ කොත ලග වාඩි වෙලා... කොල්ලගේ සැනසීම... සතුට... ඔක්කොම තිබුන තැන මෙතන...

ඒත් එක්කම කොල්ලගේ ෆෝන් එක රින්ග් වුනා... කොල්ලා සාක්කුවට අතදාලා ෆෝන් එක අරන් කෝලර් ID එක දිහා බැලුවෙ මේ ගන්නේ තමන් හිතන කෙනා නම් වෙන්න එපා කියලා හිතින් හිතන ගමන්... ඒත් කොල්ලගේ තිබුන මොකක්දෝ පූරුවේ කරපු පිනකට කොල්ලට කෝල් එක ආවේ කොල්ලා එපා කියපු කෙනාගෙන්මයි... මූනත් ඇද කරගෙන කොල්ලා ආයිත් පාරක් ෆෝන් එක දිහා බැලුවේ ආයෙත් පාරක් කෝල් එක එයාගෙන්මද කියලා තහවුරු කරගන්නයි... කෝල් එක ආන්සර් කරන්න කලින් නහයත් ටිකක් උඩට ඇදලා උගුරත් පාදලා කොල්ලා ෆෝන් එක ආන්සර් කලේ කතා කරන එකාගෙන් හොදවයින් ටිකක් අහගන්න වෙනවා කියන එක දැන දැනමයි...

Winter Snowflake (Completed)Where stories live. Discover now