"ටේයියා!!"
ජිමින් කෙල්ලගේ අතින් ඇඳන්ම කෑ ගහගෙන ගියේ කැෆෙටේරියා එකේ මුල්ලකට වෙලා හිටපු ටේ ලඟට... ඒත් එතන වෙන දේ දැක්කම කොල්ලගේ බ්‍රේක් වැදුනේ ඉබේමයි...
"ඔහ් ශිට් මයි අයිස්!"
ජිමින් හෙමීට එහෙම මුමුනන ගමන් තමන්ගේ එක අතකින් කෙල්ලගේ ඇස් දෙක වැහුවා.. කොල්ලා ඕක වැහුවට වැඩක් නෑ කෙල්ල දකින්න තියන ඔක්කොම දැන් දැකලා ඉවරයි... ඩෙලාව දමාගෙන කිස් කර කර හිටපු ටේ ගැස්සිලා ගියේ මහ සද්දෙන් ඇහුනේ ජිමින්ගෙ වොයිස් එකේ සද්දෙට... ටේ කෙල්ලව අතඇරලා ටිකක් එහාට වෙලා ඈතින් හිටපු ජිමින්ට රවනකොට ඩෙලා තමන්ගෙ තොල් පිහදාගන්න ගමන් ටේගේ පපුවට ගුලි වුනේ දැනුන ලැජ්ජාවට...
"ජිමිනා අත ගන්නවකෝ!"
යුරී මිමිනුවේ තාමත් කොල්ලා කෙල්ලගේ ඇස් දෙක තද කරගෙන වහගෙන ඉන්න නිසා.. කෙල්ල ජිමින්ගේ අත අයින් කරන්න දඟලනකොට හරි සිහියට ආපු කොල්ලම අත අයින් කරගත්තේ ටේටත් රවන ගමන්.. ඇයි ඉතින් කොල්ලට පුලුවනැ ටේගේ රැවිලි ගෙරවිලි වලට සෙකන්ඩ් වෙන්න.. ඒ නිසාම ඌත් රැව්වා ටේට හේතුවක් නැතුවත්... පොඩි එකෙක් වගේ කටත් උල් කර කර ඇසුත් රෝල් කර කර ටේට රවන ජිමින් දිහා බලන් හිටපු කෙල්ල ඊලඟට බැලුවේ ටේ දිහා.. ඌත් ඩෙලාව තුරුල් කරගෙනම ජිමින්ට නොදෙවෙනි වෙන්න රවනවා... ඔලුවේ අත ගහගත්තු කෙල්ල ජිමින්ගේ අතිනුත් ඇඳගෙනම ටේ හිටපු ටේබල් එකට ගිහින් පුටුවක් ඇඳලා වාඩි වුනේ ඩෙලා හෙමීට ටේගේ පපුවෙන් ඔලුව අරන් යටි තොල දත් අතරට හිර කරගෙන මේසේ දිහා බලාගන්නකොට... කෙල්ලගේ කම්මුල් රෝස පාටට හැරිලා තිබ්බේ දරාගන්න බැරි ලැජ්ජාව නිසාම වෙන්න ඇති සමහරවිට...
කෙල්ල විනාඩි පහක් හයක් බලන් හිටියත් අරුන් දෙන්නා තාමත් රවාගන්නවා හරියට මොන්ටිසෝරි පොඩි වුන් දෙන්නෙක් වගේ... ටේගේ අතට ගෑරප්පුවකුත් උන්ඩි වෙලා හරියට ඒකෙන් ඇනලා ජිමිනව මරන්න වගේ... ජිමිනත් මේසේ උඩ තිබ්බ ටිශූ එකක් අතට ගුලි කරගත්තෙ ඒකෙන් ටේට දමලා ගහනවා කියලා හිතාගෙන... ඩෙලා නම් තාමත් ඔලුව බිමට හරවගෙන මේසේ දිහා බලාගෙන... කෙල්ල මේ ඔක්කොම දිහා බලන් හිටියේ මොන විකාරයක්ද මේ කියලා අහනවා වගේ බැල්මක් දාගෙන...
YOU ARE READING
Winter Snowflake (Completed)
Romanceනැවුම් වූ හිමපියල්ල, අයිති වේවි හිම සිසිරයටම... බලා හිඳීවී වසන්තය, හිම පියල්ල ඔහු වෙත එන තුරාවට... Snow, That Is Like Love. It's come when it should come. And it goes when it wants to go. If spring is to come, then winter must surely come before tha...