CHAPTER 08

251 66 57
                                    

ජිමින් ගෙදර ආවේ ඔලුව අවුල් ජාලාවක් කරගෙන.. ජන්කුක්යි කෙල්ලයි එකම ගෙදරකට ගිය එක, කෙල්ල තමන්ගේ ගෙදරට යන්නේ නැතුව වෙන කොහේද මන්දා අපාර්ට්මන්ට් එකකට ගිය එක ජිමින්ට ලොකු ප්‍රශ්නයක් වුනා.. ගෙදර ආපු ගමන් ඒ ඇදුම පිටින්ම කොල්ලා ඇඳට වැටුනේ හිතේ තිබ්බ බර ගතිය නිසාමයි... එක අතක් ඔලුව යටින් තියාගෙන සුදු පාට සිවිලිම දිහා බලාගෙන කොල්ලා කල්පනා කලේ අද දැකපු දේවල්... ජන්කුකුයි කෙල්ලයි කපල් එකක් වගේ හැසිරෙන එකට කොල්ලගේ පොඩිම කැමැත්තක්වත් තිබ්බේ නෑ... කොල්ලා අත් දෙකෙන් ඇස් දෙකත් පොඩි කරන ගමන් ආයෙත් එරමිනිය ගොතාගෙන ඇඳෙන් වාඩි වුනා...

"ජිමිනා"

දොරට තට්ටු කරන සද්දේ නිසාම කොල්ලා ඒ පැත්ත බැලුවේ ඇස් වලිනුත් අත අරන්... ටේ මෙච්චර සංවරව කාමරේට එන්න හදන එක කොල්ලට පොඩි පුදුමෙකුත් නොගෙනාවා නෙවෙයි... ඇයි යකෝ කවදා සිද්ද වුන දේවල්ද මේවා.. ටේ කාමරේට එන්න දොරට තට්ටු කරනවා.. නෝ වේ... ජීවිතේට වෙන වැඩක්ද ඒක.. ඒත් කොල්ලා අද කාමරේට එන්න මෙහෙම දොරට තට්ටු කරද්දි ජිමින්ට පුදුමෙකුත් එක්ක තරහකුත් නාවා නෙවේ...

"ලොක් කරලා නෑ.. වරෙන්.."

ජිමින් යන්තම් සද්දෙට එහෙම කියනකොට ටේ කාමරේට ආවේ මොකක්දෝ මගුලකුත් අතේ ගුලි කරගෙන... කොල්ලගේ මූන බැලූ බැල්මට වෙනස්... කොල්ලගේ ඒ ඇස් වල කඳුලු පිරිලා.. කේන්තියටද දුකටද මන්දා.. ජිමින් ඇදේ ඉදගෙනම කොල්ල දිහා බලන් හිටියේ කොල්ලා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නේ කියන එක ජිමින්ටත් කොල්ලව දැකපු සැනින් හොඳාකාරවම තේරුම් ගන්න පුලුවන් වුන නිසා...

"මොකෝ ඩෙලා බූට් තිබ්බද?"

කටට ආපු පලවෙනි දේම කොල්ලා ඒ විදියට ටේගේ මූනටම කිව්වේ ටේ උබට පයිත්තියන්ද වගේ බැල්මකුත් දාගෙන කොල්ල දිහා බලනකොට... ජිමින් ගොන් හිනාවක් දාලා ඇඳේ තිබ්බ කොට්ටයක් උකුලට අරන් ඒක බදාගත්තේ ටේ කොල්ලගේ ඉස්සරහට ඇවිල්ලා මොකක්දෝ එකක් කොල්ලගේ මූන ඉස්සරහා වනනකොට...

Winter Snowflake (Completed)Where stories live. Discover now