CHAPTER 03

449 102 17
                                    

Grave yard එක පැයකටත් කිට්ටු වෙන්න කාලයක් වාඩි වෙලා හිටපු කොල්ලා එතනින් නැගිට්ටේ ටිකෙන් ටික වැඩි වෙන දරාගන්න බැරි සීතල නිසයි... කොල්ල බිම තිබුන බෑග් එකත් අතට අරන් කෝට් එක තව තවත් ඇගට තද කරගත්තා... හෙමින් හෙමින් අඩි තිය තිය තමන්ගේ පාඩුවේ grave එකෙන් එලියට යන්න ආපු කොල්ලා gate එක ගාව තමන්ගේ ඉස්සරහින් හිටගෙන ඉන්න රූපේ දැකලා මොහොතකට ගල් වුනා...

කොල්ලා ඔලුව දෙපැත්තට ගැසුවේ මේ වගේ විකාර දේවල් කොල්ලට සාමාන්‍ය නිසයි... යුරී නැති වුන දවසේ ඉදලම මෙහෙම සැරෙන් සැරේ පේන යුරීගේ රුව ජිමින්ට සාමාන්‍ය දෙයක් වුනා... මුල් දවස් ටිකේ මිරිගුවක් පස්සේ යනවා වගේ යුරී පස්සෙන් කොල්ලා යන්න පටන් ගත්තත් පස්සේ කොල්ලම තේරුම් ගත්තා ඒක තමන්ගේ හිතේ මැවෙන දෙයක් කියලා... සමහර වෙලාවට ඒ මැවෙන රූපෙත් එක්ක කොල්ලා තනියම කතා කලේ ටිකක් හරි තමන්ගේ දුක අඩු කරගන්න...

තාමත් තමන්ගේ ඉස්සරහා ඉන්න කෙල්ල දිහා කොල්ලා බැලුවේ හිස් බැල්මකින්... කොල්ලා අදත් හිතුවේ මෙතන හිටගෙන ඉන්න යුරී වෙනද වගේම තමන්ට විතරක් මැවෙන රුවක් කියලා... ඒත් එතනින් ගිය grave yard එකේ Security කෙල්ලටයි කොල්ලටයි දෙන්නටම ආචාර කරලා යද්දි කොල්ලගේ ඇස් ඉබේම ලොකු වුනා...

"යුරී..."

කොල්ලගේ කටින් හීනියට මිමිනුමක් පිට වුනා... කොල්ලා කෙල්ලගේ හෙමින් සැරේ ඇස්පිය ගහන දිග ඇස්... චූටි නහය... පිරුනු තොල්... සීතලටම රතු පාට වුන කම්මුල්... දිහා සීරුවට බලාගෙන ගියා... හමේ පාටටම match වෙන්න සුදු පාටින් ඇදලා තිබ්බ කෝට් එක නිසා කෙල්ලව පෙනුනේ සයිස් එකට වඩා තවත් පොඩිවට... කලු පාට දනහිස් ලගටම දිග socks... කලුපාට රිදී පටියක් තියන shoes වලට කෙල්ලව තවත් කැපිලා පෙනුනා... සපත්තු දෙකේ තිබ්බ රිදීපාටින්ම ඩිසයින් කරපු පටියකින් කරේ එල්ලිලා තිබ්බ පොඩි සයිඩ් බෑග් එක... මේ ඔක්කොම දිහා ජිමින්ගේ ඇස් දුවන්න් වැඩි වෙලාවක් ගියේ නෑ... කොල්ලා කෙල්ලගේ හැමදේම දිහා හොදට බැලුවේ ලෝබකමින් වගේ... බැලූ බැල්මට ඕනිම කෙනෙක්ට කියන්න පුලුවන් කෙල්ල හොද සල්ලිකාර පවුලක කෙල්ලෙක් කියලා...

"ජිමිනා..."

කෙල්ලගේ හීනී පොඩි ලමයෙක්ගේ වගේ කටහඩ ඇහෙද්දි කොල්ලගේ ඇස් පුදුමෙන් ලොකු වුනා... ඒත් කෙල්ලගේ හටහඩ... කෙල්ල අදින පලදින විදිය... මේ ඔක්කොම හොදටම නිරීක්ශනය කරපු කොල්ලට හිතුනේ එකම එක දෙයයි...

Winter Snowflake (Completed)Where stories live. Discover now