ජිමින් ගෙදරින් එලියට බැහැලා කෙලින්ම ආවේ ක්ලබ් එකට... ක්ලබ් එකට ආව කොල්ලා රෑ වෙනකන්ම බිව්වේ තමන්ගේ හිතේ දුක නැති වෙනකන්... සැරින් සැරේ වයිබ්රේට් වෙන ෆෝන් එක දිහා කොල්ලට බලන්න උවමනාවක් තිබ්බේ නෑ... එකට බැඳිලා තිබුන නෙක්ලස් දෙක කොල්ලගේ අතට ගුලි වෙලා තාමත්... බියර් පහ හයක්ම ඉවර කරපු කොල්ලට යන්තම් නැගිටගන්න පනක් තිබුනා...
බොහොම අමාරුවෙන් වැනි වැනි ක්ලබ් එකෙන් එලියට ආපු කොල්ලා ඊලඟට ගියේ කෙල්ල ගිය ගෙදරට හිතට ආපු ක්ශනික සිතුවිල්ල නිසාම... මොනා කරන්නද මොනා කියන්නද කියලා කොල්ලගේ හිතේ අදහසක් තිබ්බේ නැතත් කොල්ලට ඕනි වුනා කෙල්ලව හම්බවෙන්න... හම්බවෙලා බනින්නද? ඔව් සමහරවිට... කෙල්ලගේ ගෙදරට ආපු කොල්ලා බෙල් එක දෙතුන් පාරක්ම ගැහුවේ ජන්කුක්ව හරි කෙල්ලව හරි බලාපොරොත්තුවෙන්... විනාඩි පහක් විතර යනකොට කෙල්ලම ඇවිල්ලා ඩෝර් එක ඇරියේ ජිමින් සුපුරුදු ඒන්ජල් හිනාව මූනේ මවාගන්නකොට... කෙල්ලට රඟපාන්න හොඳ නම් කොල්ලාට රඟපාන්න බැරුවයැ... කොල්ලා පුලුවන් තරම් කට පලල් කරලා හිනා වෙලා ඇසුත් හීනි කරන් බලන් හිටියේ කෙල්ල දිහා...
ඒත් කෙල්ලගේ ඇස් නම් ලොකු වෙලා.. කෙල්ල ඉන්නේ පුදුමෙකින් වගේම බයකින් කියන එක මත් වෙලා වුනත් යන්තම් සිහියෙන් ඉන්න ජිමින්ට කෙල්ලගේ මූන දැක්කම අමුතුවෙන් කියන්න ඕනි වුනේ නෑ... ඒත් ජිමින් ඒ මොකුත්ම දැක්කෙ නෑ වගේ අතේ ගුලි බෙලා තිබුන නෙක්ලස් එකත් ශේප් එකේ කෙල්ලාට නොදැනෙන්න සාක්කුවට දාගෙන කෙල්ලවත් තල්ලු කරගෙන ගේ ඇතුලට ආවේ හරියට නිකන් මේක එයාගේ ගෙදර වගේ...
"ජ්..ජිමින්.. ඔයා මෙහේ? අනික බීලා හොඳටම.."
"වේ.. යුරියා.. මන් එන්න හොඳ නැද්ද? ඔයා ජන්කුක්ව විතරද ගෙට ගන්නේ.."
"අහ්.. අ..අනී.."
කෙල්ල පටල පටල කතා කරන්කොට ජිමින් කින්ඩියට වගේ කට කොනෙන් කෙල්ලට නොපෙනෙන්න හිනා වෙන ගමන් උත්තර දුන්නේ කෙල්ල දැන්වත් ඇත්ත පිලිගනී කියන බලාපොරොත්තුවත් හිතේ තියාගෙනමයි... වෙනදට 'මැනික' කියලා කතා කරන කෙනා අද 'යුරී' කියලා කතා කලාම කෙල්ලට අමුත්තක් නොදැනුනාමත් නෙවේ... ඊටත් වඩා කොල්ලා බීලා ඉන්න එක කෙල්ලට ලොකු ප්රශ්නයක් වුනා...
YOU ARE READING
Winter Snowflake (Completed)
Romanceනැවුම් වූ හිමපියල්ල, අයිති වේවි හිම සිසිරයටම... බලා හිඳීවී වසන්තය, හිම පියල්ල ඔහු වෙත එන තුරාවට... Snow, That Is Like Love. It's come when it should come. And it goes when it wants to go. If spring is to come, then winter must surely come before tha...