Chapter 11

19 6 8
                                    

(Author - මට කාලය පාලනය කල හැකි බව කරුණාවෙන් සලකන්ඩ.. 😌)

Yoongi pov..

ඔම්මා නැති උනාට පස්සෙ ජින් හියොන් තමයි මම ගැන හොයලා බැලුවෙ.. එයා මට කොරියාවෙන් පොඩ්ඩක් ඈතට යන්න කිව්වෙ.. එයාට මම ඉන්නෙත් එපාවෙලයි කියලා තේරිලා ද කොහෙ ද.

මොනා උනත් ලස්සන රටක්.. සිරි ලංකාව.. අවුලකට තියෙන්නෙ මම මේ දැන් කොහෙද ඉන්නෙ කියලා මටවත් හිතාගන්න බැරි එක.. 🙁 මම ආවා කියල හියොන්ට කෝල් කරලා කියනව ද.. එපා ද..

??-"යුන්ගි සර්.. "

මගෙ පිටිපස්සෙ කෙනෙක් ඉන්නවා කියලා දැනුන නිසා.. මගෙ හිත බය උනා.. මොකද මේ මම දන්න තැනකුත් නෙමෙයි නෙ.. ඒත් මට නමෙන්ම කතා කරපු නිසා මම හැරිලා බැලුවා..

"කවුද.. "

?? -"සර්.. ජින් සර් මාව ඔයත් එක්කම එව්වා.. "

මම දන්නෙවත් නැ නෙ.. අනේ මන්දා ජින් හියොන් නම්.. හරි පුදුම මනුස්සයෙක් එයා.. පෙනුමෙන් නපුරු බව පෙනුනට හිත ගොඩක් හොඳයි.. 🙂

"Ah හා.. "

?? -"සර් මට හොබී කියලා කතා කරන්න.. "

"හා.. "

මම එයා කියන හැමදේකටම උත්තර දුන්නෙ හා කියලයි.. හැමතිස්සෙම කියවන පුරුද්දක් හොබීට තියෙනවා.. ඒ වගේම ලස්සන හිනාවක්.. කතාවෙන් කතාව අපි හොටෙල් එකක් කියලා තැනකට ආවා.. කොරියාව වගේ නම් නෙමෙයි.. ගොඩක් වෙනස්.. ජින් හියොන් මාව මෙහෙම එව්වෙ ඇයි කියලා.. මට තියෙන්නෙ තාම පිලිතුරු නැති ප්‍රශ්නයක්..

හොබී එයාගෙ නම්බරේ දීලා මට කිව්වා හදිස්සියක් උනොත් කෝල් එකක් දෙන්න කියලා.. එයා ඉන්නෙ මගෙ කාමරේ ලඟ කාමරේක.. මම මගෙ කාමරේ වටේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිද්දා.. ජනේලෙන් එලිය බැලුවම පේන්නෙ ලස්සන කඳු පන්තියක්.. ඒත් එක්කම ලාවට සීතල හුලඟක් ඇඟේ හැප්පිලා යනවා.. පද පේලි ගලාගෙන ආවා.. මම සිංදු ලියන්න ගොඩක් ආසයි.. ඒත් ගෙදර අයගෙ අකමැත්ත නිසා මම ඒ වැඩේ අතෑරියා.. ඒත් දැන් ආයෙම පටන් ගත්තා..

.........................
දවසකට පසු..

මට මෙහෙ මෙලෝදෙයක් තේරෙන්නෑ.. බාසාවවත් තේරෙන්නෑ.. 🙁 හොබීට පින් සිද්ද වෙන්න තමා මෙහෙම හරි ඉන්නෙ.. ඒ වගේම ජින් හියොන්..

Diary ❤💜️❤️Where stories live. Discover now