හායි කට්ටිය.... කියවන්න කලින් පොඩි දෙයක් කියන්න ඔනි ... මේකෙ කතාව ටිකක් වෙනස් එකක්.. මට ඩ්රාමා බලලමද කොහෙද ආපු අමුතු අදහස් ටිකක් එක්ක ලිව්ව එකක්. එ නිසා මුල් කොටස් තුන විතර යනකල් ටිකක් හිතන්න දේවල් තියෙනවා. ඊට පස්සෙ ඉදන් තනිකරම පිස්සු කතාවක් තියෙන්නෙ.. මුල ටික කියොලා මගින් හැරෙන්න එපා... සරන්හේ ........♥️♥️❤❤👍
අද හුගාක් අදුරු රාත්රියක්,
කෝශි ඉදිරියක් හෝ අවසානයක් නොපෙනෙන පාලු මාවත දිගේ අඩියෙන් අඩිය ඉස්සරහට යන ගමන් හිටිය.
රැහැයියන්ගේ නාදය වෙනාදාට වඩා එදින රාත්රියට ගෙන ආවේ භීතියක්. සීතල සුලන් ඇගේ ඇතිල්ලෙද්දි කෝශි අඩියෙන් අඩිය අන්දකාරය මැද්දෙන් ඇතුලට ගියේ ඇස් දෙපැත්තෙන් වතුර බින්දු වගේ කදුලූ රූටලා වැටෙන ගමන්.
කාත් කවුරුවත් නැති මේ පාලු පාර දිගේ කෝශි ඇවිදන් ගියේ බයකට චකිතයකට වඩා දුකක් තරහක් හිත අස්සෙ ගුලිකරන්.ඔව්. හරියටම දැන් වෙලාව රෑ 9 ත් පහු වෙලා. කෝශි මේ යන්නෙ ගමනාන්තයක් නැති ගමනක්. ඔහේ එහෙට මෙහෙට වැනෙන ගමන් ඉස්සරහටම ගියේ සිතුවිලි ගොඩක් ඔලුව ඇතුලෙ කැරකෙද්දි.
Flashback
මේ හැමදෙයක්ම පටන් ගත්තෙ දැන් අවුරුදු 7කට විතර කලින්.
කෝශි කියන්නෙ හුගක් සන්වේදි කෙනෙක් උනත් එයාට හොද ඉවසීමක් තිබ්බා.
අම්මගෙයි තාත්තගෙයි මරනෙන් පස්සෙ එයා ලන්කාවට ආවෙ එයාගෙ නැන්දා ගාවට. අනතුරෙන් පස්සෙ ටික කාලයක් යනකන් මෙයා හුගක් දුකෙන් හිටියෙ. පස්සෙ පස්සෙ හිත හදාගන්න එයාට උදව් කලේ එයාගෙ නැන්දා. නැන්දලත් එක්ක හුගක් සතුටින් ජීවිතේ ගෙවන්න මෙයාට පුලුවන් උනා.
මෙහෙම ටික ටික කාලෙ ගෙවිලා ගියේ හුගක් සතුටින්. ඒත් එක පාරටම ආපු කුනාටුවක් නිසා මේ හැමදෙයක්ම වෙනස් වෙන්න ගත්තෙ කෝශිට නරක මතකයන් මහ ගොඩක් ජීවිතේට එකතු කරන ගමන්.
එයාව හුගක් හොදින් බලා ගත්ත එයාගෙම ඇන්දාගෙ දෙවෙනි මහත්තයා ටික ටික කෝශිට ලන් වෙන්න හැදුවෙ හිතේ නරක සිතුවිලි පොදි බැදන්.
දවසින් දවස මේ මනුස්සයගෙන් එන කරදර වැඩි උනත් කෝශිට කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ.
එයාට එයාව ආදරෙන් බලා ගත්තු නැන්දට මොනම විදිහකටවත් දුකක් දෙන්න ඕනි උනේ නෑ. මෙහෙම ටික ටික දවස් ගත වෙද්දි කෝශි හුගක් කාර්යබහුල උන නිසා හුගක් වෙලාවට ගෙදරදිවත් ඒ මනුස්සයව මුන ගැහුනෙ හුගක් අඩුවෙන්. ඒක එයාට ලොකු සහනයක් උනා.
YOU ARE READING
TIME♥️♣️ [Completed]
Fanfiction(EXO Kai♥️🤗 සින්හල) ♥️අදුරු මතකයන් දරන් ඉන්නා හදවතක්. කාලීන බැදීමක්.. ඒක මිතුරුකමක්ද... හදිසියේම සිදුවන අහම්බයන්. ♥️ කාලයේ ආලයක්... කාලය කුමක් පවසයිද?? ♥️ඒක යහපත් අනාගතයකට අත වැනීමක්ද?? ප්රසිද්ධ ගායකයකුගේ අවුරුදු ගානක දැනීමක්. නිහඩ පරිසරයක අදුර...