Chap 4

63 17 20
                                    

"අපරාදෙ මගේ අයිස්ක්‍රීම් එක..."

(මන් එහෙම කිව්ව.. ඒක ශර්ට් එකට දාලා තිබ්බ ආර්ට් එක දැකලා මට කට කොනින් හිනාවක් ගියේ නොදැනුවත්ව වගේ.. මගේ කට හොද නෑනෙ ඉතින්... ඒත් ඉතින් ඒකත් ඇත්තනේ. මට නම් ඇදුන් වලට වඩා කෑම තමා එක...)

ඒක ඇහුන කොල්ලට තරහ වැඩිඋනා. මගේ කට කොනින් නැගිච්ච හිනාව ඒක තවත් වැඩි කලා..

ඕඉ... තමුසෙ කොහෙ බලන්ද යන්නෙ ආ... තමුසෙ හිතන් ඉන්නෙ මේක තමුසෙගෙ පාර කියලද.. තමුසෙට ඕනි විදිහකට යන්න. හහ්.. තව තමුසෙට පේන්නෙ නැද්ද මගේ ඇදුමට ඔහේ කරපු දේ.. දැන් තමුසෙට වටින්නෙ මේ බාල අයිස්ක්‍රීමද..  වැරැද්දක් කරලා තව හිනත් වෙනවා. තමුසෙ හිතලම නේද මගේ ඇගේ හැප්පුනේ.. ලස්සන කොල්ලො දැක්කම හැප්පි හැප්පි යන එකද තමුසෙගෙ රස්සාව. ගොඩේ කෙල්ලොන්ගෙ හැටියක්ද මන්දා ඕක..

කොල්ලට රතු කට්ටටම යකා නැගලා වගේ.. මන් හිතුවෙ නෑ මේකට මෙච්චට කේන්ති යයි කියලා. මන් මෙච්චර වෙලා ඉවසන් අහගෙන හිටියා අන්තිමට කිව්ව ටිකට මගේත් රතු කට්ට පැන්නා. මේකා මේ ලෝකෙ හිටියා ඇති වෙලා වගේ... ඒ ගමන මන් මගේ ශී මුකය විවෘත කරලා අනික් පැත්තට එයා වගේම කෑගහන්න ගත්තා.. හුම් මටත් පුලුවන් කෑගහන්නනම් ඉන්නවකෝ......

මේ මේ මිස්ටර්. ඔයා දැන් රෝන්ග් ටෝක් යන්නෙ. මේ අහනවා මුලින්ම මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා. අනික මේ පාර මගේ නෙමේ ඒ වගේම මාත් අහන්නෙ මේ පාර ඔයාගෙද. පාර මැද්දෙ හිටන් ඉන්නෙ. අනික මන් බිම බලන් ආපු නිසා දැක්කෙනෑ.. ඒකට සොරි. ඒත් මෙතන ඔයාගෙත් වැරැද්දක් තියෙනවා. තමුන් දන්නෙ නැද්ද කවුරුහරි ඇගට එද්දි අයින් වෙන්න. මන් හිතන්නෙ ඔයාට ඕනි උනේ මන් ඇගේ හැප්පෙනවට.
ඒ නැතත් තමුන් කොහොමද කියන්නෙ මට ගොඩේ කෙල්ලෙක් කියල ආ... අනික මහලොකු ලස්සන කොල්ල. හහ්.. මේ අහනවා තමුසෙ ලස්සනද කියලා මන් කොහොමද ඕයි දන්නෙ. මූනක්වත් පේන එකක් යෑ මාස්ක් දාන්නෙ ඉන්නෙ මොකද සමේ රෝගයක්වත් තියෙනවද.. එකෙන් මට වැඩක් නෑ.. අනික මගෙන් මේ ඇදුමට උනු දේට මන් ගෙවන්නම්.  බොරුවට කේන්ති අරන් මිනිස්සුන්ව සත පහේ කොලේට දාන්න එපා ඕඉ.

තමුන්ගෙ කට වැඩී.. කෙල්ලෙක් නිසයි මෙච්චර හරි ඉවසන්නෙ. අනික මන් කරන්නෙ මට ඕනි දේ ඔයාට එවගෙන් වැඩක් නෑනෙ. මට ඔහේගෙ උපදෙස් ඕනි නැහැ දැනගන්නවා. හහ්.. මන් කවුද කියලා දැනගත්තනම් මෙතන නටන හැටි බලන්න තිබ්බා..

TIME♥️♣️ [Completed]Where stories live. Discover now