මෙයා කොහොමද ඒක දන්නෙ.........
ඔයා මාව දන්නවද... අනික ඔයා දැන් මොකක්ද කිව්වෙ... (koshi)
මගේ නම නම් ක්‍රිශ් ජෝ. වයස 24.
මන් ඔයාව දන්නෙ නම් නෑ.. හැබැයි මන් සමහර දේවල් ටිකක් දන්නවා..මොනාද??? (Koshi)
ඔයාට උන දේවල් වගේ...
මෙහෙමයි මන් දන්නවා කිව්වට ඔක්කොම දන්නෙ නෑ. ඒත් ඔයාව මට අදුනගන්න පුලුවන්... ඔයා තෝරගත්තු කෙනෙක්... (krish)තෝරගත්තු කෙනෙක් කිව්වෙ... මන් ඇහුවා..
මන් හිතන්නෙ ඔයා තමා මට වෙන් උනු කෙනා...
මොකක්ද ඔයා කියන්නේ...
මෙහෙමයි මටත් දැන් අවුරුදු කීපෙකට කලින් කෙනෙක් දැන් මන් ඔයාට කියන්න යන දේවල් ටිකම කිව්වා. ඒ, ඒ කෙනාට වෙන් වෙච්ච කෙනා මන් උනු නිසා. ඒ වගේ තමයි මට වෙන් උනු කෙනා ඔයා..
මන් දන්නවා ඔයාට මොකුත් තේරුන් නෑ කියලා හැබයි.......ඔව්.. මට ඔයා මොනාද කියන්නෙ කියලා තේරෙන්නෙ නෑ තමා...
හරි මන් කියන දේ අහගන්නකො... ඔයා දැක්ක දේවල් ඒ දේවල් බොරුවක්වත් මනස්ගාතයක්වත් නෙමේ.. ඒවා ඇත්තටම උනු දේවල්.
ඔයා අතීතෙට ගියා...
ඔයා අතීතෙට ගියේ ඔයාව තෝරගත්තු කෙනෙක් නිසා. මන් දන්නෙ නෑ ඔයා කොයි කාලෙටද ගියේ කියලා. ඒත් මන් එක දෙයක් දන්නවා. ඔයා ඒ වෙලාවෙ තදින්ම හිත හිතා හිටිය තැනට නැත්තම් කෙනා ගාවට තමා ඔයා ගියේ.. ඒක තමා විදිහ...Excuse me.. ඔයා කියන්නෙ මන් ඇත්තටම ඊයෙ අතීතෙ හිටියා කියලද.. මන් හිතන්නෙ ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා..
මන් දැනන් හිටියා ඔයා ඔහොම කියයි කියලා. මොකද මාත් ඔහොම්මම කිව්වා හුග කාලෙකට කලින්. ඒත් මාව විස්වාස කරන්න...
ඔයාව එයා තෝරගෙන තියෙන්නෙ. එයා ඔයාට අවස්ථාවක් දීලා තියෙනවා ඔයාගෙ ජීවිතේ සමහර තැන් වෙනස් කරගන්න.. එයා ඔයාගෙ දුකට ඇහුන්කන් දුන්න.. ඔයා දැනටමත් ඒකට මූන දෙන්න පටන් අරන් ඉවරයි. මන් හිතනවා ඔයා ඔයාගෙ ඒ පලවෙනි අවස්ථාවට හොදට මූන දෙන්න ඇති කියලා..කව්ද ඔය එයා කියන්නෙ.. අනික ඊයේ මන් දැක්ක දේවල් ඇත්තද.. ඔව් මට ඒක හිතුනා.. ඒත් කොහොමද එහෙම... ආශ්.. මට නම් තේරෙන් නෑ..
මන් ඔලුව බදාගෙන කිව්වා..
YOU ARE READING
TIME♥️♣️ [Completed]
Fanfiction(EXO Kai♥️🤗 සින්හල) ♥️අදුරු මතකයන් දරන් ඉන්නා හදවතක්. කාලීන බැදීමක්.. ඒක මිතුරුකමක්ද... හදිසියේම සිදුවන අහම්බයන්. ♥️ කාලයේ ආලයක්... කාලය කුමක් පවසයිද?? ♥️ඒක යහපත් අනාගතයකට අත වැනීමක්ද?? ප්‍රසිද්ධ ගායකයකුගේ අවුරුදු ගානක දැනීමක්. නිහඩ පරිසරයක අදුර...